hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 18, පෙ.ව. 5:20



මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.

මේ දිනවල ඇන්තනී පවුලේ සහෝදරයන් අතරින් වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ මාධ්‍යවී වත්සලා ගැන.

ඒ ඇගේ සැමියා වන මිලාන්ගෙන් වෙන් වීමත් ඇගේ අලුත්ම පෙම්වතා කසුන්ව මාධ්‍ය‍යට හඳුන්වා දීමත් සමඟ ඇය ගැන හැමෝම කතා කරන්නට පටන් ගත්තා.

ඇයගේ ජීවිතය තුල ඇයට පසුගිය කාලසීමාවේදී අප්පච්චි අසනීප වීමත් සමඟ ම අභියෝගාත්මක ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

එනිසාම දෙවැනි වර විවාහ වෙච්ච විවාහයනුත් ඇය වෙන් වෙන්න තීරණය කරනවා.

ඒ සම්බන්ධයෙන් අහද්දි මාධවී කිව්වේ මේක ඇය තනියම හිතලා ගත්තු තීරණයක්  නෙමෙයි කියලයි.

ඒ වගේම ඇය ප්‍රසිද්ධ නිසා ඇගේ ජීවිත කතාව හැමෝම හොයන නිසාත් මේ දේවල් ගොඩක් දෙනෙක් කතා කරනවා කියලත් ඇය සඳහන් කළා.

හැබැයි අනිත් පාර්ශ්වයේ පුද්ගලයනුත් මේ වෙද්දි තමන්ගේ ජීවිතය ඉතාමත් සතුටින් ගත කරනවා කියලා මාධවී සඳහන් කරනවා. 

ඒ වගේම තමයි මේ දෙවැනි විවාහයෙන් සමුගන්නා මාධවී නැවත වතාවක් ආදරවන්තියක් වෙන්නේ ඇයට අපහසු අමාරු කාලයේ දී  ඇය වෙනුවෙන් හිටපු ජනප්‍රිය ගී පද රචකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල නිසයි.

ඔහු මාධවී පිළිබඳව සම්පූර්ණයෙන්ම දන්න කෙනෙක් කියලා තමයි ඇය සඳහන් කරන්නේ.

ඇයගේ ජීවිතයේ අප්පච්චිට පස්සේ ඇයව තේරුම් ගත්තු එකම පුද්ගලයා ඔහු කියලත් ඇය සඳහන් කරනවා.

ඉතින් පසුගිය දවසක මාධවී සහ කසුන් එකට සම්බන්ධ වෙච්ච යූටියුබ් සාකච්ඡාවක් අතරතුරේ දී ඔවුන්ගේ අනාගතය ගැන අහපුවාම කසුන් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“අපි ඉතාම ඉක්මනින් එක වහලක් යටට යනවා.මම හිතනවා බොහෝ බොහෝදුරට ලබන අවුරුද්දේ වගේ එක වෙයි කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: