hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 08, පෙ.ව. 8:41



මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.

ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව පහුගිය දිනවල අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණා.

කොහොම හරි මේ විදිහට මේ පුංචි පවුල ගොඩක් සතුටින් ජීවිතය ගත කරද්දී පසුගිය දවසක නොසිතූ විරූ ආකාරයෙන් මාධවීගේ ආදරණීය තාත්තා වන ජැක්සන් ඇන්තනි මහත්මයා අනතුරකට පත් වුණා.

ඒ අනතුරු නිසා ඔහු තවමත් සිහිසුන් තත්ත්වයෙන් තමයි පසු වෙන්නේ.

පලවෙනි විවාහ ජිවිතීවිතෙන් වෙන්වුණු ඇය සඳහන් කළේ වසර දහයක පමණ කාලසීමාවක් පුරාවටම ඇය එක එක පුද්ගලයන්ගේ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඇයගේ දක්ෂතාවය පාවිච්චි කළා කියලයි.

කෙසේ නමුත් ඒ දේවල් ඒ විදියට  සිද්ධ වෙද්දී නැවත වතාවක්  ඇය මල්ලිලා දෙන්න සමග එකම දවසක විවාහ ජීවිතයකට පා තැබුවා.

ඒ මිලාන් ද සිල්වා කියන පුද්ගලයා සමඟයි.

මේක මාධවීගේ දෙවෙනි කසාදය.

ඉතින් දැන් ආරංචි වෙන විදියට ඇය මේ කසාදෙටත් සමු දීලා තනිකඩව ජීවත් වෙන්න සූදානම් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

කලින් මිලාන් ගැන ඇය සඳහන් කරලා තිබුණේ ඇයගේ ජීවිතයට හම්බුන හොඳම සහකරුවා ඔහු බවත් ඔහු  නිසා නැවත වතාවක්  ඇය තමන්ගේ වැඩ කටයුතු හරියාකාරව කරන්න පටන් ගත්තා කියන දේ.

නමුත් මේ වන විට මේ විවාහයෙන් වෙන් වෙලා මාධවී තමන්ගේ අම්මත් එක්ක මහ ගෙදර ඉන්නවා කියලා තමයි ගොඩක් අය කියන්නෙ.

ඉතින් ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙද්දී ඇය මේ සම්බන්ධයෙන් ඇත්තම කතාව ඇගේ youtube නාලිකාව හරහා පළ කරලා තිබුණා.

එහිදි ඇය කිව්වේ පහත ආකාරයේ කතාවක්.

“අපි නීතියෙන් වෙන් වුණා හැබැයි  රණ්ඩුවෙලා බැනගෙන නෙවෙයි සියල්ල අත්දැකීමෙන් විඳලා නොගැලපීම්  වටහාගෙන එය නුරුස්සනා භවයෙන් දෙන්නම දුක් විඳින බව දැකලා ස්තුතිවන්ත ව සුබ පතමින් ගෞරවාන්විතව සමාප්ති යක් තබමින් දෙමව්පියන් දෙපාර්ශවය දැනුවත්ව එහෙම වුණා. සමාජ මාධ්‍ය විසින් උලුප්පලා දක්වන හදන දේවල් එතන නැහැ.අදටත් අපේ දුෂ්ටයෝ තරහ කාරයෝ නෙවෙයි.අටලෝ දහමෙන් කම්පා නොවී අපි ඉදිරි පියවර පරිස්සමෙන් තබන්න හිතනවා.ජීවිතය ගලාගෙන යනවා ඔබ සැමට සුභ වේවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: