hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 13, පෙ.ව. 5:47



මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.

ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව පහුගිය දිනවල අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණා.

කොහොම හරි මේ විදිහට මේ පුංචි පවුල ගොඩක් සතුටින් ජීවිතය ගත කරද්දී පසුගිය දවසක නොසිතූ විරූ ආකාරයෙන් මාධවීගේ ආදරණීය තාත්තා වන ජැක්සන් ඇන්තනි මහත්මයා අනතුරකට පත් වුණා.

ඒ අනතුරු නිසා ඔහු තවමත් සිහිසුන් තත්ත්වයෙන් තමයි පසු වෙන්නේ.

මාධවී ඇන්තනී සති අන්ත පුවත්පතකට සිය පියා සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“අප්පච්චිව අමතක කරලා අපිට ගමනක් නෑ. අප්පච්චි පසුගිය ජූලි මාසයේ දෙවැනිදා නොසිතූ අනතුරකට ලක් වෙලා සැත්කමකට ලක් වෙලා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා. අති දක්ෂ වෛද්‍යවරුන් අතින් සිදු කෙරුණු සැත්කම ඉතාම සාර්ථක වුණා. අප්පච්චි අපි එක්ක කතා කළා. විහිළු කළා. නොනවත්වා සින්දු කිව්වා. අපි බලන්න ගිය වෙලාවට මට ඔළුව අතගාන්න කිව්වා. අත් කකුල් මිරිකන්න කිව්වා. මෙහෙම ඉඳපු අප්පච්චිට ජූලි මාසෙ අග දවසක දවාලේ රෝහලේදී තවත් අනපේක්ෂිත හදිසි තත්ත්වයක් ඇතිවුණා. ඒ සිට මේ දක්වා අප්පච්චි ඉතා සෙමෙන් වුවත් සාර්ථක ලෙස සුව වෙමින් සිටිනවා කියලා මම විශ්වාස කරනවා.”

අප්පච්චි මගෙ යාළුවා. අප්පච්චි එක්කයි මම මගෙ හැම ප්‍රශ්නයක්ම හැඟීමක්ම බෙදාගත්තෙ. මෑතකදී අසනීප වුණාම රෝහලට ගියෙත් අප්පච්චි එක්ක. එයා කන්න ආසම මම උයන කෑම. අප්පච්චි මට දුන්නු අගය නිවාස දේපළ යානවාහන මිල මුදල් නෙවෙයි. ඒ දේවල් ලොකු ලොකු දායාද මට ඇත්තෙම නෑ. හැබැයි අප්පච්චි මට ලොකු දක්ෂතාවක් දුන්නා. අම්මා අප්පච්චි ගොඩක් කාර්යබහුලය ජීවිතයක් ගත කළේ. අප්පච්චි අපට කුඩා කාලෙම ඒ බව කිව්වා. අපි පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනෙ කියලා. අපේ අම්මට මා වෙනුවෙන් කැපවෙන්න වෙලාව නැති නිසා හය හත වසර වෙනකන් මං හැදුණේ අත්තම්මා ළඟ. මගෙ 2 වසර පන්තිභාර ගුරුතුමී මාව හදාගන්නත් ඉල්ලුවා. විශේෂයෙන් මම එකම ගැහැනු දරුවා විදිහට ඒ වෙනස වහගන්න පුරුදු වුණේ මම නිතර දැකපු මල්ලිලා වගේ වෙලා. කොල්ලෙක් වගේ හැසිරිලා ඒක මට පළිහක් කරගන්න උත්සාහ කළා. ඒත් ඒ හැසිරීමෙන් මම මට සිදු කරගත් වරද මට දැන් වැටහෙනවා. හරියට ‘එල්’ බෝඩ් ගහන්නෙ නැතුව පාරට දාපු වාහන වගේ වුණා. අපි ඉගෙන ගත්තෙ නිදහස් අධ්‍යාපනයෙන්. අප්පච්චි අපට ඉන්න පර්චස් දහයක පොඩියට ගෙයක් හදාගත්තෙත් 2005 දී. එතකල් අපට හරියට ඉන්න තැනක් තිබ්බෙත් නෑ. අම්මගෙ රැකියාව නිසයි මුල් කාලෙ අපේ පවුල නඩත්තු වුණේ.”

“ඒක වෙන්න ඇති එයා ඒක අතාරින්න අකැමැති වුණෙත්. අද මගේ පෞරුෂය තීරණය වෙන්න කුඩා කාලෙ මගේ අත්දැකීම් හේතු වෙන්න ඇති. කොහොම වුණත් අප්පච්චිට ඒ අනතුර වෙන්න කාලෙකට කලින් සිට මං මුහුණපා සිටි විවිධ ජීවිත අපහසුතා ගැන එයාට දැනුම්දීලයි තිබුණෙ. “මොනවා කරන්නද පුතා ඔහොම ඉන්න බෑනෙ. කෙනකුට එක වතාවකට වඩාත් වරදින්න පුළුවන්. අපි ජීවිතේ හදාගමු” ඒ අප්පච්චිගෙ වචන. ඒත් එයා නිහඬ වුණාට පස්සෙ මම තනි වුණා. මොකද තනි මගෙන් අවස්ථාවාදී අයට ලැබෙන වාසියක් නැති නිසා වෙන්න ඇති. මට සැනසීමෙන් ඉන්න හිටින්න පවා තැනක් නැති වුණා. ඒත් මේ යුගයේදීම තමයි මට ජීවිතේ විශ්වාසවන්ත, ආදරණීයම මිනිස්සු කවුද කියලා හඳුනගන්නත් පුළුවන් වුණේ. මම හිතන්නෙ අප්පච්චි නොදැනුවත්ව හෝ මේ කළේ මාව ශක්තිමත් කරපු එක. මම සම්පූර්ණයෙන් අප්පච්චි මත පදනම්ව ජීවිතේ තීරණ ගන්න පුරුදු වෙලා හිටපු කෙනෙක්. එයාගෙන් විවරණ නොගෙන මට කිසි දෙයක් හරියට කරගන්න බෑ වගේ අදහසක් මා තුළ තිබ්බා. ඒත් පහුගිය කාලෙදි මට ස්වාධීනව මගෙ මාර්ගය සොයාගත්තා. ආයෙ අප්පච්චි කතා කරන දවස වෙද්දි මම හිටියට වඩා දස දහස් ගුණයක් ශක්තිමත් ගැහැනියක්. අප්පච්චිට එහෙම දෙයක් වෙච්ච එක දරාගත්තු මට වෙන ඕන දෙයක් දරාගන්න දැන් පුළුවන්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: