2026 අප්‍රේල් 29, පෙ.ව. 10:15
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා පත් කිරීමට නියමිත අතුරු කමිටුවකට හෝ නව පාලක මණ්ඩලයකට ඉරාන් වික්‍රමරත්න මහතා පත් වන බවට පැතිර යන වාර්තා පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ඒ මහතා අද (28) ප්‍රතිචාර දක්වා තිබෙනවා.
පවතින පරිපාලනය ඉවත් වී හෝ වෙනස් වී ඇති පසුබිමක, ක්‍රිකට් ආයතනයේ වගකීම භාරගන්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටි අතර එහිදී එරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේ තමන්ට ඒ සඳහා මෙතෙක් නිල ආරාධනයක් ලැබී නොමැති බවයි.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීම භාරගන්නේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, “ඒක ගැන මට මේ වෙලාවේ කතා කරන්න බැහැ. මොකද යමක් බාර ගන්න නම් ඒක බාර දෙන්න එපැයි. දැනට එවැනි ආරාධනයක් හෝ ස්ථිර තත්ත්වයක් නැහැ,” යනුවෙන්.
කෙසේවෙතත් ඇතැම් පුවත්පත් සහ සමාජ මාධ්‍ය හරහා ඔහුගේ නම යෝජනා වී ඇති බවට පළවන වාර්තා ද ඔහු මෙහිදී ප්‍රතික්ෂේප කළා.
තමන් කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු බව සිහිපත් කළ ඉරාන් වික්‍රමරත්න මහතා, ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලාංකිකයන්ට කෙතරම් සමීපද යන්න පිළිබඳව මෙහිදී පැවසුවා.
“ලංකාවේ ක්‍රිකට් කියන්නේ වැදගත්ම දෙයක්. හැමෝම ක්‍රිකට් ගැන හිතනවා, බලනවා, අපි හැමෝම ඒකෙන් විනෝද වෙනවා. ඉතින් රටේ ප්‍රධාන දෙයක් ගැන මිනිස්සු මෙහෙම උනන්දු වීම සාධාරණයි.”
කෙසේවෙතත් මාධ්‍යවේදීන් දිගින් දිගටම විමසා සිටියේ ක්‍රියාකාරී දේශපාලනයෙන් බැහැරව සිටින මෙම අවස්ථාවේදී ක්‍රිකට් පරිපාලනය වැනි වගකීමක් ලැබුණහොත් එය භාරගන්නේද යන්නයි.
ඊට සෘජු පිළිතුරක් ලබා දීමෙන් වැළකී සිටි ඉරාන් වික්‍රමරත්න මහතා, ජනතාවට ලබා දීමට දැනට කිසිදු සුබ ආරංචියක් නොමැති බවත්, ඉදිරියේදී යම් තීරණයක් ගන්නේ නම් එය නිසි වේලාවට දැනුම් දෙන බවත් පවසා සිටියා.
ශම්මි සිල්වා මහතා ඇතුළු වත්මන් නිලධාරී මණ්ඩලයේ වෙනසක් සිදුවන බවට පළවන වාර්තා හමුවේ, ක්‍රිකට් ක්ෂේත්‍රයේ විද්වතුන් පාලනයට එක්කර ගැනීමේ රජයේ සූදානමක් පවතීද යන්න පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.
2026 මැයි 03, පෙ.ව. 12:27
2026 මැයි 03, පෙ.ව. 12:23
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:13
2026 මැයි 03, පෙ.ව. 12:12
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26