hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 03, ප.ව. 1:28



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

පසුගිය දවසක මධුමාදව පළ කරපු සටහනක් නිසා බොහෝ දෙනෙක් කලබල වෙලා තිබුණා.

“තනි තටුවෙන් පියාඹන්න” ලෙස සඳහන් කොට තිබූ එම සටහන ලොකු ආන්දෝලනයක් ඇති කළ අතර, මධුමාදවගේ පාදයක් ඉවත් කර ඇති බවටයි බොහෝ දෙනා සඳහන් කර තිබුණේ.

නමුත් එම පුවත සාවද්‍ය බවත්, තමන් විහිලුවක් කළ බවත් සඳහන් කරමින් මධුමාදව නවතම සටහනක් මුහුණු පොතට එක් කර තිබෙනවා.

මේ, ඒ සටහනයි.

දුක් උන අය සතුටුවෙන්න සමාවෙන්න

සතුටු උන අය දෙකට නැවිල මාරු වෙන්න

විහිලුවක් ගියදුරක්…

ජීවිතයම විහිලුවක්…..

යාලුවො ටිකක් අවුස්සන්න තනි තටුවෙන් පියාබන්න කියල දැම්ම කවියක්…..

ලෝකෙ පුරා ගිය ඉක්මන….

අපිට නරකක් උනාම දුක් වෙන මිනිස්සු , ආදරනීයන්, හිතවතුන්, හිතවතියන්, මිතුරන්, මිතුරියන් හරි හැටි දකින් නැතිව තමා අපි ගොඩාක් අය යන්නම යන්නේ……

විජෙ මහත්තයා

රුක්මනී දේවි…

ඔහොම ලොකුම ලොකු කලා ගස් දැන්නවද දන් නෑ…. ගියාට පස්සෙ හෙව්ව ආදරේ…….

ඒ වගේම විජය ගෙ මූනට වෙඩි තිබ්බම…

හොද වැඩේ කියපු අයවත්….

කොටින්ම වෙඩි තියන්න ආව එකාට “මොකද මල්ලී” කියල අහපු ඒ මහා මිනිසා හිතන්න ඇති….

මගේ මූනට වෙඩි තියන් නෑ කියලා.. මගේ රටේ උන්..

මම පොඩි කලා කාරයෙක්……

මම දැන් දන්නවා ….

ආදරේ මිනිස්සු අපිව හොයනවා…

දැක්කෙ නෑ වගේ ඉන්නවා

සමහරු තරහත් ගන්නවා….

අම්මට හුඩු ඒ අස්සෙ පොඩි සෙට් එකක්…

සතුටු වෙනවා…..

වෙබ් සයිට් කියන්නෙ කුතුහලය අරන් හුස්ම් ගන්න විශේශයක්….

උන් එක්ක තරහකුත් නෑ….

සමජ ජාලා කොච්චර වේගවත්ද…

උබල එහෙම දැම්ම හින්දනේ මම දැ ගත්තේ…

මිනිස්සු ආදර්නීයයි කියල.

සමහරු එහෙම නෑ කියලත්.

මොකද මට යූ ටියුබ් එකක් නෑ….

නැත්තම් කියයි ඕකෙන් හම්බකරා කියලා…

මුදල් ආදාර ඉල්ලුවෙත් නැති නිසා කාටවත් පාඩුවක් නෑ…

මිනිස්සුන්ගෙ සල්ලි මංකොල්ලකාපු

උන්….එකියන්…

මිනිස්සු න්ගෙ දත් ගලවන නිලියන්, නලුවන්,

මිනිස්සු රවට්ටල කලා කාරයො හැටියට ඉන්න් උන් කෝටි ගනන් වංචාකරද්දි,

හාමුදුරුවරු ගෙඩි පිටින් සාසනේ කද්දි….

පුලුවන් තරම් කෙප්පකිය කිය නිවුස් කට් නිවන් යන්න දගලද්දි…..

පූජකයො ගෙවල් ගිනි තියද්දි…..

කොට වද්දි….

දන්නෙවත් නැති මිනිස්සුන්ව පර්ලිමේන්තුවේ හිටිය කියල පාරෙ ගහල ගහල මරනකොට වීරයො වගේ සතුටු වෙච්චි උන් ඉන්න රටක

පාඩුවෙ කරන් යන අරගල වලට ,බූරුවන් සේ පැනල ගහල කිච වෙච්ච උන් ඉන්න රටක

බල පොරොත්තු බල්ලට දාපු දේශපාලකයො

ටවමත් රැගනව බලා ඉන්න වෙච්ච…

රටකට……

මේ හැම දේම බල්න් ඉන්න , ඉන්න් වෙලා තියෙන

සමාජෙකට….

මදු මාදවගෙ කකුල ගැන කතා…

සුරංගනා කතා වගේ…….

කාටවත් හානියක් නෑ…. එක්කො සතුටු උනා, නැත්තම් දුක් උනා… එච්චරයි….

සමහර ආදරනීයන් කිව්ව ආදරෙන්….

කාටවත් හානියක් නැති උනාට…..

මට හානියක් කියල.

ආදරනීය හිතවතුනේ …. මම අනික් අයවගේ බෝ පැලයක් නෙවෙයි….

බොරු විතරක් නෙවෙයි…

පන්සිල් පහම කඩල තියෙනවා මන්…

තක්කඩිම වැඩ කරන්න, පොඩි කාලෙ ඉදන් ආසයි මන්…. අදත් එහෙම තමා…

මිනිස්සු හරි ආසයි චරිතෙ බොරුවට හරි අනගාරික කරල, නැති හොද අහන්න..

අර හරක් හොරු මලාම හාමුදුරුවො උඩ දාලපාන්ස කූලෙට දෙසන්නේ….

ඊට වඩා හනිකරගත්ත මගේ ජීවිතයෙ මන් කාගෙන්වත් අරන් නෑ මොකුත්….

ආදරය, ලෙංගතුකම, අපේ කම්, යාලු කම, හිතවත් කම වගේ තමන්ගෙ කම් මිසක්…

කොටින්ම මම පිලිමයක් නෙවෙයි..

මාරන්තික විහිලු කරල මැරෙන්න හිනා වෙන

අහිංසක තක්කඩියෙක්…..

ජීවිතය කියන්නෙ..

මාර දේවාලයක් නෙවෙයි….

පංසලක් නෙවෙයි….

පල්ලිකුත් නෙවෙයි…..

මට ඊට වඩා ඇත්තක්…ජීවිතය්…

ඒවා ඇතුලෙ තියෙන බොරු කයිවාරු, බොරු මත වලට වඩා ආදරනීයයි නුබලා……

මගේ කකුල කැපුවා….. කිව්වම…

ඕකගෙ බොරු ඔය කියල මාව හරියට කියෙව්ව අය…

දුක් උන , ඒක බොරුවක් කිව්වම තරහ ගිය, හිනා උන, ආදරනීය ඔබ සැම මාව ජීවත් කරා….

අම්මෝ ආව පනිවිඩ මම තවම් කියවල ඉවර නෑ…

අපිට මොකෝ කියල් හොදට නිවුස් එක කියවන්න ඇති තවත් අය….

පුදුම කෝල් කන්දරාවක්….

කෝල් වලට ආවෙ නෑ…. කියන්න දෙයක් නෑ නෙ..

සමාවෙන්න…ඒකට..

කොහොම උනත්….. සතුටු වෙච්ච ටිකම ටිකක් හිටියා…. උබලව සතුටෙන් තියන් නෑ මම…

දැන් ආයෙ දුක් වෙයල්ලා… ඕකට කෙල උනේ නෑ ද කියලා…

මට අරින්න බලන් ඉන්න එපා….

ම ඇරගන්නම් මට ඕනෙ දාට….

මට වැඩිය උබලගෙ ජීවිත වලට ඇත්තටම කරදර කල, අපහසුකා,පොලු තිබ්බ, බොරු කරපු උන් හොයන් පලයන් .

එහෙනම් ආයෙමත් දවසක,

ඇත්තටම කොටියා ආව….

එදාටත් ආදරේ කල අපේ මිනිස්සු කියයි….

ඕකත් බොරු කියලා…..

අන්න එදාටනම්…

මදු මාදවට …..

හොද වැඩේ….

එතකම් ජීවත් වෙමු මේ ජීවිතය…

විහිලුවෙන්, සතුටෙන්, උපහාසයෙන්, ආදරයෙන්

කුතුහලයෙන්, පුරවගෙන.

මම හොදින්… මගෙ කෝලන් දරා ගෙන ඉන්න සීනි බනිස්ටත් විස්කෝතුයි….

ඊලග විහිලුව තෙක්….

නිමි නැත…

මදූ සම්බදයි….





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: