hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 23, ප.ව. 12:07



රංගන ද සිල්වා කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් දන්න කියන දක්ෂ මාධ්‍යවේදියෙක්.

ඔහු පිළිබඳව කලාවට ආදරය කරන බොහෝ දෙනෙක් දන්නවා ඒ වගේම ගොඩක් දෙනෙක් ඔහුට ආදරය කරනවා. විශේෂෙන්ම කලා ලෝකයේ නළු නිළියන් අතර රංගන කියන මේ චරිතය අතිශයින්ම ජනප්‍රියයි.

ඒකට හේතුව ඔහු ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණ හිත ඉල්ලන තරු කියන වැඩසටහන හරහා නළු නිළියන් එක්ක එකතු වෙලා විනෝද වීම නිසයි. 

එම වැඩසටහන නරඹන පිරිස එන්න එන්නම වැඩි වුණා.

කොහොම වුණත් රංගන මේ වෙනකොට ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් කරලා.

රංගන අලුත් වැඩක් පටන් ගන්නවා කියලා අපි ඔයාලට කිව්වා මතක ඇති.

ඒ තමයි මේ පාර නත්තලට කලා තරු එකතු කරගෙන  Rangana De Silva යුටියුබ් නාලිකාවේ කරන නත්තල් සාදය.

ඉතින් මේ නත්තල් සාදයට කලා තරු ගොඩක් ඇවිත් තිබ්බා.

හැබැයි මේ වෙනකොට ජනප්‍රිය රංගන ශිල්පිනි මහේෂි මධුශංකා සිය යූටියුබ් නාලිකාවේ වීඩියෝවක් මුදා හැර තිබෙනවා.

ඒ ඇය රංගන ද සිල්වා විසින් සංවිධානය කළ නත්තල් සාදයට සහභාගී වීම නිසා ඇයට හිරු නාලිකාවේ නත්තල් සාදයට එන්න එපා කියලා දුරකථන ඇමතුමක් ලැබිලා.

හිරු ටීවී සභාපති රේනෝ සිල්වා මහතා මේ ගැන දන්නවාද නැද්ද යන්න පිළිබඳව තමා නොදන්නා බවත් ඇය සඳහන් කළා.

” මට හිරු නාලිකාවේ මෙදා පාර christmas party එකට ආරාධනා ලැබිලා තිබුණා.ඊට පස්සේ මීට දින කිහිපයකට කලිනුත් නැවත දැනුම් දීමකින් මතක් කර තිබුණා.ඒ වගේම ඊට දින කිහිපයකට කලින් රංගන ද සිල්වාගේ යූටියුබ් පාටි එකක් තිබුනා.ඒකට කලා ක්ෂේත්‍රයෙ පිරිසක් පැමිණ සිටියා.ඊට පස්සේ ඒකට යන්න කලින් මට ඇමතුමක් ආවා.එහිදී මට කිව්වේ ඒ නත්තල් පාටියට යන්න එපා කියලා.මගෙ ළඟ ඒ හැම දේකටම සාක්ෂි තියනවා.කලාකරුවන් වශයෙන් අපිට ඕනම දේකට අපිට කැමති විදියට සහභාගි වෙන්න අවස්ථාව තියෙනවා.

හිරු නාලිකාව සමඟ රංගන ද සිල්වා ට තිබෙන කෝන්තරයන් අපිට වැඩක් නැහැ.එක්කෝ අපිට කතා කරලා කලින් කිව්වා නම් හිතලා බලන්න තිබුන අපි මොනවද කරන්නේ කියලා.යන දවසේ උදේ කතා කලාට පස්සෙ මම ඇහුවා මොකක්ද හේතුව කියලා.මොකද මේක මේ YouTube channel එකක් ලඟදි පටන් ගත්තෙ subscribers ලා පවා ඉන්නේ දාහයි.මම හිතුවේ නිෂ්පාදකවරයාට වැරදීමක් සිදුවෙලා හෝ විහිළුවක් කියලා.සාමාන්‍යයෙන් වචනයක් දුන්නහම අපි එක කරන්න එපැයි.

ඊට පස්සේ මම ඊයෙ වෙළඳ  දැන්වීමක ඉන්නකොට මට ඇමතුමක් අරගෙන කිව්වා ඔයා මෙහෙම ගිහිල්ලා තියෙනවා ඒක නිසා අපේ නත්තල් පාටියට එන්න එපා කියලා.ඇත්තටම මම දන්නෙ නැහැ හිරු ආයතනයෙහි ප්‍රධානීන් මේ ගැන දන්නවා ද කියලවත්. හිරු ගත්තහම එයාලගේ අති දැවැන්ත නාලිකා ගොඩක් තියනවා.අපිට ඇත්තටම මේ නාලිකා එක්ක හැප්පෙන්න බැහැ.ඇත්තටම මම පිළිවෙලකට වැඩ කරන කෙනෙක් නිසා හිරු නාලිකාවේ පාටියට යන්න ඇඳුම පවා හදාගෙනයි තියෙන්නේ.මේ සිදුවුන දේ එක්ක මගේ හිතේ තියෙන්නේ ලොකු කළකිරීමක් සහ දුකක්.මොකද හිරු නාලිකාව ආරම්භයේ ඉඳල මේ දක්වා අපි එකට සිටි නිසා.” 

එම සම්පුර්ණ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: