hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:24



නාමල් බලන්න වැලිකඩ ගිය මහින්ද වෙනුවෙන් සමාජ මාධ්‍ය කැලබේ.

ප්‍රමිත් ගනේආරච්චි තැබූ සටහනක් නිසා හැමෝම එක ශෙයා කරනවා.

එම සටහන පහතින් උපුටාගෙන පළකර ඇත,

එම සටහන මෙසේය,

“Facebook එකේ පහළට යනකොට Page එකකින් දාලා තිබුණ Video එකක් දැක්කා.

ඒ නිසාමයි අද දවසට කිසිදු විශේෂ අදාළත්වයක් නැතිව මගේ හෘද සාක්ෂිය මේ විදියට අවදි වුණේ,

ඒ Video එකේ තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්මයා නාමල් බලන්න වැලිකඩ ගිහින් එනකොට දීපු Voice Cut එකක කටහඬ ඉවත් කරලා විහිළු Music එකක් දාලා Edit කරපු එකක්.

Video එකේ දාලා තිබුණ Caption එක තමයි “අපේ මාළු ටැංකියට අලුතෙන් ගෙනාපු ජෑම් ගුරාමියා” වගේ එකක්.

ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්මයට දැන් වයසයි. මං හිතන්නෙ අවුරුදු 81ක්.

මේ ළඟඳි මම Video කිහිපයකදිම දැක්කා ඔහු දැන් ඇවිදින්නේ පවා ඉතාම අපහසුවෙන්. ආරක්ෂකයෙකුගේ වාරුවෙන් සහ කකුලකුක් ටික අදිමින් වගේ.

මේ මම කියන අද දැකපු Video එකේ සමහරු දාලා තිබුණු Comments දැක්කම ඇත්තටම අපේ සිංහල ජාතියේ හිස් සුන් මොළ සුන් මුල් රහිත අකෘතඥ වර්තමාන පරම්පරාව ගැන දුක හිතෙනවා.

ඒ අතර එක මනුස්සයෙක් දාලා තිබුණු Comment එකක් මගේ හිතට තදින්ම වැදුණා.

ඒ Comment එකෙන් කියවුණේ මේ වගේ දෙයක්.

“මොනා වුණත් මෙහෙම කියන්න එපා. අද ඔයාලා හිනාවෙන මේ කටින්ම තමයි යුද්ධයේ අන්තිම මොහොතේ මහා බලවත් විදෙස් නායකයෝ පවා යුද්ධය නතර කරන්න කියලා බල කරනකොට, මම එහෙම කරන්නෙ නැහැ කියලා ඔවුන්ගේ මූණටම කෙලින්ම කිව්වෙ” කියලා.

ඒ Comment එකෙන් ඇත්තටම මතක ගොඩක් අවදි වුණා.

මුලින්ම මතක් වුණේ අර හමුදා රෝහලක ඇඳක් උඩ හිටපු රණවිරුවෙක් “සර් යුද්ධය නවත්තනවා කියලා ආරංචියක් ආවා” කියන Video එක.

මට තාමත් මතකයි මහින්ද ඒ රණවිරුවගෙ අතින් අල්ලගෙන “ප්‍රභාක රන් ඉවර කරලා තමයි යුද්ධය නවත්තන්නෙ” කියලා හිනාවෙලා කියලා ගියපු විදිය.

ඊට පස්සෙ මට මතක් වුණේ කැබිතිගොල්ලෑව බෝම්බ!ය වෙලාවෙ මහින්ද එතනට ගිහින් අර ඒ බෝම්බ!ය ට අහුවෙලා මි! ය ගියපු තමන්ගේ පුංචි දරුවගේ le වලින් පෙඟුණු අත් දෙක අල්ලගෙන ඒ තාත්තා සනසවපු විදිය.

මහින්ද රාජපක්ෂ වැරදි කරලා ඇති.

හැබැයි මර!ණ බියෙ!න් තොරව ජීවත් වීමේ නිදහස කියන එක ඒ හැම එකටම යටයි.

කෑ!ලි දෙකකට වෙන් වීමේ අවසන් පියවරේ තිබුණ රට එක ධජයක් යටට ගෙනත් එක්සේසත් කරපු එක ඒ සියල්ලට යටයි.

මහින්ද රාජපක්ෂ බලයට ඇවිල්ලා අවුරුදු 3කින් තමයි ඒ ඓතිහාසික විජයග්‍රහණය මේ රටට උරුම කරලා දුන්නේ.

ජනාධිපති කුමාර බලය අරගෙනත් දැන් අවුරුදු දෙකයි.

අවුරුදු 3කින් යුද්ධය ඉවර කරපු මහින්ද රාජපක්ෂගේ රිපෝට් කාඩ් එකයි කුමාරගෙ අවුරුදු දෙකේ රිපෝට් කාඩ් එකයි සසඳලා බලන්වත් ඒ දෙක එකම තරාදියකට දාන්නවත් පුළුවන් තරමේ දෙයක් මේ ආණ්ඩුව කරලා තියෙනවද ?

මිනිස්සු වයසට යන එක ස්වභාව ධර්මය. ඒක නතර කරන්න කාටවත්ම බැහැ.

සද්දන්ත දළ ඇතෙක් වගේ හිටපු මහින්ද රාජපක්ෂ අවුරුදු 81ක් වෙද්දි ඔහුගේ වයෝවෘද්ධ ශරීරයට හිනාවෙන ගෙම්බෝ අවුරුදු 81ක් වෙනකන් ජීවත් වෙලා හිටියොත් ඔවුන් කොහොම ඉඳියි ද කියලා බලන්න පුළුවන්.

දේශපාලනිකව ඔබට පක්ෂ වුණත් විපක්ෂ වුණත් මාතෲභූමිය වෙනුවෙන් එක්තරා නිශ්චිත මොහොතක ඔබ මේ රටට ලබා දුන් අයෝමය ඓතිහාසික නායකත්වය තාමත් මතකයේ තියෙන මිනිස්සු මේ මහපොළොවේ ඉන්නවා කියලා දැනගෙන සතුටින් ඉන්න.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමනි ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ..!!!”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: