2023 ජූලි 27, පෙ.ව. 12:02
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක වන මනිෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනවිය මොනරාගල, වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ, ධම්ම නිරෝධා යන නමින් අද (27) වෙනිදා උදෑසන 9.00 යෙදී ඇති සුබ මොහොතින් සසුන් ගතවීමට නියමිතයි.
වැල්ලවාය, බුලුගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ රතුපස්කැටියේ විමුක්ති රත්න ගලඋඩ හේනේ විශුද්ධි රතන සහ බද්දේගම ජිනසාර යන හිමිවරුන්ගේ උපාධ්‍යාත්වයෙන් යුතුව මනීෂා මෙනවිය සසුන්ගත වීමට නියමිතව ඇත.
මේ වන විට තිස් පස් හැවිරිදි වියේ පසුවන කාංචනා මෙනවිය ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරිෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනිය ද වූවා.
යුද හමුදාවේ රාජකාරි කරන සමයේ විවිධ අවස්ථාවලදී ඉහළ අහසේ සිට වාර හාරසිය අනූවක් පැරිෂුට් ආධාරයෙන් බිමට පැන ඇති බව විශ්‍රාමික මේජර් මනීෂා මෙනවිය ලංකාදීපයට පැවසුවා.
එංගලන්තය, ජර්මනිය සහ දෝහකටාර්වල පැවති ලෝක පැරිසුට් තරග වලට සහභාගි වී ඉහළ අහසේ සිට බිමට පැන දස්කම් දක්වා ඇය ශ්‍රී ලංකා මාතාවට ගෞරවයක් හා අභිමානයක් ලබාදී ඇති නිලධාරිනියක ද වන්නීය.
2026 ජූලි 28, පෙ.ව. 12:10
2026 ජූලි 27, පෙ.ව. 12:31
2026 ජූලි 26, පෙ.ව. 12:08
2026 ජූලි 25, පෙ.ව. 12:10
2026 ජූලි 24, පෙ.ව. 12:17
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
25-07-26
25-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26