hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 21, පෙ.ව. 12:09



අම්මා කෙනෙක් දරුවෝ වෙනුවෙන් කොයි තරම් කැපවීම් කරනවද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

දරුවා කුසට ආ දා පටන් අම්මා කෙනෙක්ගේ මුළු ජීවිතේම වෙන්නේ ඒ දරුවා.

දරුවා මෙලොවට බිහි කිරීමෙන් පසුවත් අම්මා ජිවිතේ අත හරිනකම්ම අම්මා හිතෙන් අල්ලාගෙන ඉන්නේ දරුවන්ව.

මාපිය සෙනෙහස සහ ආදරය එක දවසකට සීමා කන්න පුළුවන්ද?

ඒ වගේම තමන්ව වැදූ මව පාරක දමා යන්නවත්, වැඩිහිටි නිවාසයක දමා යන්නවත් දරුවන් හිත හදා ගන්නේ කොහොමද?

එවැනි අසාධාරණයක් සිදු කරන්නේ තමන්ට ලේ කිරට හැරවූ අම්මටයි.

මේ කියන්න යන්නෙත් හරිම සංවේදී සිදුවීමක් ගැන.

ඒ තම මවව මහා පාරට දැමු සිද්ධියක්.

“දරුවන් විසින්, තවත් අම්මා කෙනෙකු, පාරට දමා ඇත

“මට, ගොඩාක් සල්ලි තිබුනා, වාහනත් කීපයක් තිබුනා. මහත්තයා , ශ්‍රී ලංකා Airlines Manager කෙනෙක් හැටියට හිටියේ. එයා,Cancer එකක් හැදිලා නැති උනේ. මං රත්මලානේ. පුතාගේ ගෙදර හිටියේ. පුතයි, එයාගෙ නෝනායි මට, තිත්ත පත කුණුහරුප කියලා බැනලා ගෙදරින් එලවා ගත්තා. දැන් යන්න තැනක් නෑ. සුලෙයිමන් ටෙරස් එකේ යාළුවෙක්ගෙ ගෙදරට ආවා. යාළුවා, එයාගෙ සේවිකාවට කියලා මාව එලියට දැම්මා. මට හරි බඩගිනියි”

පාරේ ඇවිදගෙන ආව හැත්තෑ එක් වියැති “ෆෝර්බ්ස්” නැමැති කාන්තාව, ” මට හරි මහන්සියි. ටිකක් වාඩිවෙන්නට දෙන්න පුළුවන්ද ” යි ඇසීය. සැණිකින් ඇයට වාඩිවෙන්නට පුටුවක් ලබා දුන්නෙමු. මා ඇයගේ අසලින් පුටුවක වඩිවී වතගොත විමසුවෙමි. මා ඉස්සෙල්ලාම ඇහුවේ, “අම්මාට, තේ එකක් ගේන්නද ” යනුවෙනි. “තේ එපා. වතුර ටිකක් දෙන්න” යි පැවසීය. වතුර බෝතලය ඈට දිඟුකර “බොන්න අම්මා” කීවෙමි..

ඈ පිළිවෙලට ඇඳගෙන සිටී. පිරිසිදුව ජීවත්වෙන බව බැලූ බැල්මට පෙනේ. බර්ගර් ජාතික ඇය, චතුරව ඉංග්‍රීසි කතා කරයි. වතුර බීමෙන් පසුව, “මට දැන්, ඉන්න තැනක් නෑනේ ” කියමින් දෑසට, කඳුළු පුරෝගත්තාය. ” මං, ඒකට විසඳුමක් දෙන්නම්” කියා දුරකථනයෙන් ඇමතුවේ සමාජ මෙහෙවර කටයුතුවල යෙදෙන, මේ මුහූණු පොතේ ඉන්නා සහෝදරයෙක්ට ය. මම ඔහුට, කාරණය පැහැදිලි කලෙමි. ඔහු කියා සිටියේ ඈට නිවාසයක රැකවණය එක්ක නවාතැනක් සපයා දිය හැකි බවය. මා, ඔහුගේ උපදෙස් අනුව, මේ අම්මාගේ නැවත සම්බන්ධ කරගැනීමේ විස්තර ගතිමි. අපි දෙන්නාගේ දුරකථන සංවාදය, හමාරය.

“අම්මා, බඩගිනී කීවා නේද? ඉන්න, මං කෑම එකක් ගේන්නම්. කෑම එක ගේන්නට මා යද්දී, මා එක්ක සිටි කොස්තාපල්වරයෙකු වන වනසිංහ මුදලක් දිඟුකරමින්, “සර්, මේකත් ගන්න කෑම එකට” කීවාය. ඒ, ඔහුත් අම්මා කෙනෙකුගේ දරුවෙක් නිසා විය හැකිය. මා ඈට කන්නට, ඉඳි ආප්ප ගෙනැවිත් දුන්නෙමි. පසුව, අම්මාට සතුටුය. ” මං තව යාළුවෙක් සොයාගෙන යනවා. එහෙට ගිහින්, කන්නම්”. 154 බස් එකට නග්ගවන්නැයි, පසුව, ඇය කීවාය. පසුව, ඈ ගියාය.

ඊයේ, පියවරුන්ගේ දිනයය. පියෙක්ගෙන් අම්මා කෙනෙක් වූ මේ කාන්තාව, ඈ වැදු දරුවන්ට නොවටින්නේ මංදැයි මා නොදනිමි. මේ, තවත් මවක් මහපාරට වැටීමේ ඛේදවාචකයයි. මං, මේ කතාව, දරුවන්ට, නෑයින්ට, රට්ටුන්ට පෙනෙන්නට සළස්වන්නම් අම්මේ ?”, කියා ඇසුවාම. ඈ, ඊට කැමති උනාය. මේ කතාව, අම්මාට ලැජ්ජා කරන්නට නොව, සනුහරේ ඈයින්ට බලාගන්නට ය…….

උපුටා ගැනීමක්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: