hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 21, පෙ.ව. 8:31



ජනප‍්‍රිය ටෙලි නාට්‍යක ප‍්‍රධාන නළුවෙකුගේ සහෝදරයෙක් වන ශානක උදීෂ ඇතුළු රියැලිටි රූපවාහිනී තරු කිහිප දෙනෙකුගේ ගැටුමක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තලංගම පිටකෝට්ටේ ආපන ශාලාවක සංගීත කණ්ඩායමක් ප්‍රසංගයක් පවත්වමින් සිටියදී ගීතයක් ගායනා කරන ලෙසට කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ගැටුම සිදුව ඇති බව පොලිසිය පැවසුවා.

දෙපිරිසක් අතර ගැටුම හේතුවෙන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇති අතර ශානක උදීෂ ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම ආරවුල ආරම්භ කළ බව කියන ශානක උදීෂට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: