hit counter

2026 ඔක්‍තෝබර් මස 04 වන ඉරිදා

2022 නොවැම්‍බර් 02, ප.ව. 8:15



කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදු කළ බවට ලද පැමිණිල්ලකට අනුව දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වරකාපොළ පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරියා.

එමෙන්ම ඔහුට අදාල සිදුවීම සම්බන්ධයෙන් පහර දුන් පිරිසක්ද අත්අඩංගුවට ගත් අතර ඔවුන්ද ඇපමත මුදා හැරි බවයි පොලීසිය පැවසුවේ.

නාමල් කුමාරව පුටුවක බැද සිටින ආකරය දැක්වෙන් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එහි දැක්වෙන්නේ නාමල් කුමාර තමන්ට ලිංගික අඩත්තේට්ටම් සිදු කළ සිදු බව පවසමින් කාන්තාවක් ඔහුට බැන වදින ආකාරයයි.

එම රූපරාමු පෙලෙහි නාමල් කුමාරගේ බිරිද ද සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: