hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 11, ප.ව. 8:13



රංගනය නිරූපණය වගේම නිවේදනය තුළින් ප්‍රේක්ෂකයින් තුළට පැමිණි ඇය නර්මදා යාපා අබේවර්ධනයි.

වසර කිහිපයකට පමණ පෙර ඇයව මියුසික් වීඩියෝ හරහා දක්නට ලැබුණු අතර ටික කලක් ඇය කලාවෙන් විරාම ගෙන තිබුණා.

මේ වෙනවිට පුංචි පුතාලා දෙන්නා සමඟ ජීවිතය ගතකරන අතර මේ වන විට ඇයට ඉතාමත් කඩවසම් පෙම්වතෙක් සිටින බව කවුරුත් දන්නා රහසක්.

රූපවාහිනී තිරයෙන් වගේම සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක්ම ජනප්‍රිය ඇය දරුවන් දෙදෙනකුගේ මවක් වුණත් වයස අවුරුදු දහඅටක කෙල්ලෙක් වගේ සුරූපීව සරාගීව සිටිනවා.

කොහොම නමුත් ඇය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අද කතා කරන්න පටන් ගත්තේ වීඩියෝ පටයක් සමගයි.ඒ ඇය සාප්පු හිමිකරුවකු සමග සිදුකරගත් බහින්බස් වීමක් නිසයි.

ඊට හේතුව වෙලා තියෙන්නේ ඇයගේ පෙම්වතා  වාහනය එක්තරා සාප්පුව ඉදිරිපිට නවතා තිබෙනවා.

පැයක පමණ කාලයක් එසේ නවතා ඇති නිසාවෙන් සාප්පු හිමිකරු ඔවුන්ට චෝදනා කර ඉන්පසුව බහින් බස් වීමක් ඇති කරගෙන තිබෙනවා.

මේ වාදය ඉතාමත් උණුසුම් වෙමින්  ඇය අධික  ලෙස කෝප වුණේ ඇය මත්පැන් පානය කර ඇති බවට චෝදනා කිරීමෙන් පසුවයි.

කොහොම නමුත් මේ වන විට ඉතාමත් වේගයෙන් එම වීඩියෝ පටය සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: