hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 මැයි 27, පෙ.ව. 12:55



සමාජ මාධ්‍ය තුළ එක එක කාලෙට එක එක මාතෘකා කතා බහට ලක් වෙනවා.

බොහෝ විට සමාජ මාධ්‍ය වල කතා බහට ලක්වෙන මාතෘකා බොහෝ දෙනෙක්ගේ විවේචනයට ලක් වෙනවා.

කාලෙන් කාලෙට හතු පිපෙනවා වගේ ආගම දහමට නිගරු කරන චරිත එළි බහිනවා.

ඒ වගේ චරිත නිසා පහුගිය කාලේ පුරාවටම ආගමික, ජාතිවාදී අදහස් මුල් කරගත් ප්‍රකෝපකාරී සිදුවීම් අසන්නට දකින්නට ලැබුණා.

ආසන්නතම සිදුවීම තමයි දේවගැති ජෙරම් ප්‍රනාන්දු.

අපි මේ කියන්නේ ඒ විදිහට රස කර කර ආගමට පහර එල්ල කරන තවත් කාන්තාවක් ගැන.

ඇය නමින් නතාෂා.

ඇය සිදුහත් කුමරුගේ උපත පවා හාස්‍යට ලක් කරනවා.

ඇය විසින් එලෙස ආගමට අපහස සිදු කරන විට හූ කිය කිය කොක් හඬලා හිනා වෙන මිනිස්සු ඉන්නවා.

එම වීඩියෝව ඇය පළ කරන ලද අදහස් මෙසේයි,

අර සුද්ධෝදනගේ ළමයා ඒ ළමයා ඉපදුනු දවසෙම ඇවිදිනවා. අර සුද්ධෝදනගේ පොඩි එකා ඉපදුන දවසේ කවියක් කියලා. සුද්ධෝදනගේ කොලු පැටියා ඉපදුනු දවසේ කියලා නැහැ දැන්මම තීරණය කරලා තියෙන්නේ එයා ලොකු වෙලා මොනවද කරන්නේ කියලා. බෞද්ධ බාලිකාව කියන්නේ වර්ජින් ෆැක්ට්රීස්. කන්‍යාවියන්ව නිෂ්පාදනය කරන එක තමයි අපේ ලොකුම ගෝල් එක. ඉස්කෝලෙට එන ළමයි ජීවිතේ වැඩිම කාලයක් කන්‍යාවියෝ විදිහටම තියාගන්න වගබලාගන්න එක තමයි බෞද්ධ බාලිකාවක් කියන්නේ. මුස්ලිම් ත්‍රස්තවාදියෝ ඒගොල්ලෝ පිපිරිලා, දිවි නසාගෙන මැරුනහම ඒගොල්ලන්ට කන්‍යාවියෝ හැත්තෑ දෙකක් හම්බවෙනවනේ.

ඉතින් ඒකෙන් වැඩි කෝටා එකක් කරන්නේ බෞද්ධ පාසල්. ඉතුරු කෝටා එක කන්‍යාරාමයේ. සහජීවනය වෙනුවෙන් කන්‍යාවියන්. මෙතන කෝල ගර්ල්ස්ලා ඉන්නවද? අපේ ඉස්කෝලෙට ගිය හුඟක් අය දැන් කෝල ගර්ල්ස්ලා. මොකද ඉස්කෝලෙට ආව දවසේ ඉඳන් බිම බලාගෙන ඇවිදින්න. ගවුම හදාගෙන වාඩිවෙන්න. කනට ඇහෙන්නේ නැති වෙන්න කතා කරන්න. කොක් හඬ නගන්නේ නැතුව හිනා වෙන්න. ඕවා අහල අහලම ඉස්කෝලෙන් අයින් වෙද්දි හුඟක් අය කෝල ගර්ල්ස්ලා වෙලා. හරිම කෝලයි. සබකෝලයි. අඩුම තරමේ කනට ඇහෙන්න කෙඳිරි ගාන්නෙවත් නෑ. හයියෙන් කියන්න එක දෙයයි. හෑයියා. ඕන දේකට හෑයියා කියන්න ඔටෝ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.අපේ ඉංග්‍රීසි මිස්ට බබෙක් හම්බෙන්න ඉන්නවා. හෑයියා. ඊයේ බස් එකේදි අයියා කෙනෙක් මට ඇහැක් ගැහුවා. හෑයියා. බෞද්ධ බාලිකාවටද ගියේ?”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: