2023 අප්‍රේල් 15, ප.ව. 7:00
මෙරට සංචාරය කරණු ලබන විදේශිය සංචාරකයින් සදහා සංවිධානය කරණු ලැබු අලුත් අවුරුදු උත්සවයක් අද (15) කම්කරු හා විදේශිය රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් උණවටුණ මුහුදු තිරයේ දි පවත්වනු ලැබුවා.
අලුත් අවුරුද්ද හා බැදුණු සංස්කෘතික අංග රැසකින් අලුත් අවුරුදු උත්සවය වර්ණවත් වි තිබුණා.
එය විදේශිය සංචාරකයින්ට නැවුම් අත්දැකිමක් වී තිබෙනවා.
විදේශිය සංචාරකයින් වෙනුවෙන් වෙන්කර තිබු අලුත් අවුරුදු කෑම මේසය සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගෙන තිබුණා.
විදේශිකයින් සදහා කණා මුටිටිය බිදිම, අලියාට ඇස තැබිම, ලිස්සන ගස නැගිම, අවුරුදු කුමරා සහ කුමරිය තේරිම, ඇතුළු තරග රැසක් සංවිධානය කොට තිබුණා.
දේශීය නැටුම් හා බෙර වාදන සහිත සංස්කෘතික අංග ද අවුරුදු උත්සවය සදහා එක්කොට තිබු අතර විදේශිය සංචාරකයින්ගේ දරුවන් වෙනුවෙන් වෙරළේ වැලි මාලිගා සකස් කිරිමේ තරගයක්ද සංවිධානය කර තිබුණා.
දේශිය ආහාර සකස්කිරිම පිළිබද සජිවි අත්දැකිම් සංචාරකයින්ට ලබාදිම සදහා දේශිය කැවිලි සහිත ගැමි මුළුතැන් ගෙයක්ද අලුත් අවුරුදු උත්සවය සදහා එක්කර තිබුණා.
මෙකි අලුත් අවුරුදු උත්සවය සංචාරක අමාත්‍යංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කොට තිබුණා.





















2026 මාර්තු 29, පෙ.ව. 12:16
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
2026 මාර්තු 26, ප.ව. 7:17
2026 මාර්තු 26, පෙ.ව. 12:21
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26