hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 17, පෙ.ව. 6:14



මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.

ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.

විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.

අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් දරුවා එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව කරගෙන යනවා.

ඉතින් අද දවසේ දියණියත් එක්ක ගත කරන ජීවිතය පිළිබඳව ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“ජීවිතය සතුටින් ගෙවන්න උත්සාහයක් දරමින් ඉන්නවා. මොකද මම හැම වෙලාවෙම නෑ බෑ කියන්න අකමැති ධනාත්මක සිතිවිලි සමග ජීවත් වෙන්න කැමැති කෙනෙක්.අසුබවාදී දේවල් ඔළුවට දා ගත්තොත් අපේ ජීවිත අපි නොදැනුවත්වම අවුල් වෙනවා. අද තියෙන සිටුවේශන් එකත් එක්ක අපි හැමෝම එකම වළකට වැටිලා ඉන්නේ.”

ඉතින් තමන්ගේ දියණියගේ හොඳම විදිහට ප්ලෑන් කරන නිල්මිණි දියණියත් එක්ක  ගත කරන ජීවිතය ගැන කිව්වේ මේ වගේ දෙයක්.

“මොහොතකට හරි ව්‍යාපාර කටයුතු වගේම රංගන කටයුතු මඟ හැරුණත් මම මගේ දරුවාගේ දේවල් මග හැරෙන්න දෙන්නෙ නැහැ. හැම මොහොතකම මුල්තැන දෙන්නෙ දුව ස්වේතා ට. එයාව  ජීවත් කරවන්න මම ලොකු සටනක් කරනවා. කිසිම කෙනෙකුගෙන් සත පහක උදව්වක් උපකාරයක් නැතුව මම මගේ උත්සාහයෙන් තමයි ඒ දේවල් කරන්නේ. ඒ ධෛර්යයත් එක්ක මම  හැම දේම බැලන්ස් එකේ ගෙනියන ගෘහණියක් සහ අම්මා කෙනෙක්”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: