hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 21, ප.ව. 5:29



සිඩ්නිහි පැවති කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම තියුණු තරගයකින් පසුව ඊයේ (20) එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වුණා.

ජයග්‍රහණයේ සතුට භුක්ති විඳිමින් සිටි එම කණ්ඩායමේ එක් සාමාජිකයෙකුගේ සතුට වියැකී යෑමට ගත වූයේ නිමේෂයයි.

ඒ කණ්ඩායමේ ක්‍රීඩිකාවක් සහ නායිකාව වූ 23 හැවිරිදි ඔල්ගා කාර්මෝනාට ලැබුණු සංවේදී පුවත නිසයි.

ඔල්ගා කාර්මෝනා ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමට ලෝක කුසලානය ජයග්‍රහණය කර දීමට මුල් වුවද ලෝක කුසලාන ජයග්‍රහණය කර විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් ලැබුණු ශෝක ජනක පුවතක් හේතුවෙන් ඇයට ලෝක කුසලාන ජයග්‍රහණය සැමරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

මන්ද ලෝක කුසලානය ජයග්‍රහණය කර මිනිත්තු කීපයක් ඇතුළත ඔල්ගා කාර්මෝනාගේ පියා පසුගිය 18 වැනිදා මියගොස් ඇති බව ස්පාඤ්ඤ පාපන්දු සංගමය ඇයට දැනුම් දීමට කටයුතු කිරීම නිසයි.

දිගු කාලීන රෝගී තත්ත්වයක් සමඟ සටන් වදිමින් ඔල්ගා කාර්මෝනාගේ පියා පසුගිය 18 වැනිදා මිය ගියත් ඇයගේ පවුලේ සාමාජිකයන් ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය නිමවන තෙක් ඇයට මෙම අසුබ පුවත දැනුම් දීම සිදු නොකළ යුතු බව තීරණය කිරීම හේතුවෙන් ඇයට මෙම අසුබ පුවත දැනුම් නොදුන් බවත් අවසන් තරඟය නිම වූ වහාම ඇයට මෙම අසුබ පුවත දැනුම්දීමට ක්‍රියා කළ බවත් ස්පාඤ්ඤ පාපන්දු සංගමය පවසා තිබෙනවා.

තමාගේ පියාගේ මරණය ඇසීමෙන් හැඟීම්බර වූ ඔල්ගා කාර්මෝනා අතිශය සංවේගයට පත් වුනා.

ඇය සිය භාවයන් සමාජ මාධ්‍යට එක්කර තිබුණේ මෙලෙසෙන්.

”ඔබගේ මරණය ගැන නොදැනුවත්ව මගේ නිල ඇඳුමේ තරු පැළඳ ගනිමින් අවසාන තරඟයට ක්‍රීඩා කලා.ඉතාම සුළු පිරිසක් පසු කරන අද්වීතිය කඩ ඉමක් පසු කිරීමට ඔබ මට ශක්තිය ලබා දුන්නා මම දන්නවා ඉන්න තැනක සිට ඔබ මගේ අවසාන තරඟය නැරඹුවා කියලා. සමාදානයේ සැතපෙන්න තාත්තේ. ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: