hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූනි 08, පෙ.ව. 1:22



පසුගිය 30 වැනිදා රාත්‍රිය හැමෝම බලාගෙන හිටපු රාත්‍රියක් වුණා.

ඒකට හේතුව සෑම වසරකම පාහේ විවිධ ආන්දෝලනාත්මක කතා මතු වෙන චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය මෙවර පැවැත්වුණේ පසුගිය 30 වැනිදා.

සුපුරුදු පරිදි මේ වසරේත් තේමාවකට තමයි හැමෝම මේ සාදයට සැරසිලා ආවේ.

රංගන ශිල්පීන් නිරූපිකාවන් රැසක් සහභාගි වුණු මේ රාත්‍රියට චන්දිමාල්ගේ හොඳම යෙහෙළිය වෙන පියුමි හංසමාලිත් ඇගේ පෙම්වතා එක්ක සහභගි වුණා.

පියුමි මේ සාදයට ඇඳපු ගවුම් මෝස්තරය ගැන මාධ්‍යයට කියා සිටියේ මෙලෙසයි.

“මම කොහොමත් අන්තර් ජාතික විලාසිතා කොහොමත් follow කරන කෙනෙක්. මේ සැරේ theme එක වුණේ Gala Night. ඒ නිසාම තමයි මේකට මම එන්නත් ටිකක් පරක්කු වුනේ. සාමාන්‍යයෙන් අපි dress එකක් ඇන්දාම ඒක මහන්නේ අපේ ඇඟේ ගානටමයි. නමුත් ඒක අපිට ඊට වැඩිය ලස්සනයි අපි Makeup කරලා ඉන්නකොට ඇගේ තියලා හැඳුවාම. මම එන්න පරක්කු වුනේ ඇඳුම ඇඳලා Makeup කරලා ආයෙමත් ඇඳුම ඇගේ තියලා හැදපු නිසා. එතකොට තමයි මේ හැඩේ එන්නේ. ලස්සන theme එකක් මේක.”  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: