hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජූනි 10, පෙ.ව. 12:02



පසුගිය 30 වැනිදා රාත්‍රිය හැමෝම බලාගෙන හිටපු රාත්‍රියක් වුණා.

ඒකට හේතුව සෑම වසරකම පාහේ විවිධ ආන්දෝලනාත්මක කතා මතු වෙන චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය මෙවර පැවැත්වුණේ පසුගිය 30 වැනිදා.

සුපුරුදු පරිදි මේ වසරේත් තේමාවකට තමයි හැමෝම මේ සාදයට සැරසිලා ආවේ.

රංගන ශිල්පීන් නිරූපිකාවන් රැසක් සහභාගි වුණු මේ රාත්‍රියට චන්දිමාල්ගේ හොඳම යෙහෙළිය වෙන පියුමි හංසමාලිත් ඇගේ පෙම්වතා එක්ක සහභාගි වුණා.

පියුමි හංසමාලි විවාහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළා.

“විවාහයට මේ පියුමි හංසමාලි කියන කෙනාට එච්චර හදිස්සියක් නැහැ. ඉක්මනට විවාහ වෙලා අපි මේ සමාජයේ දැන් දකින දෙයක් තමයි පළවෙනි ළමයාගෙන් දෙවෙනි ළමයාවත් බැඳගෙන විවාහ වෙලා ඉන්නවා. ආයි තුන්වෙනියටත් පවුලක් කඩලා කාවහරි අපේ අපේ මේ මගේ ජීවිතේ නම් මං පවුල් කඩන කෙනෙක් නෙමෙයි. නමුත් මේ අපේ සමාජයේ දකින දේවල් තමයි පවුලක් කඩලා හරි කමක් නෑ ස්වාමියෙක්ව ගන්න බලන්නෙම.

මම නම් ඇත්තටම විවාහයකට මට හදිස්සි නැහැ. මම කියන්නේ අපි දෙන්නා ටිකක් ලෙවින් ටු ගෙදර් දෙමු. යුරෝපියන් කන්ට්‍රීස් වල එහෙම තමයි වෙන්නේ. කාලයක් ඉඳලා ඒගොල්ලන්ට ඉන්න බැරි නම් ඒගොල්ලෝ අයින් වෙනවා. ඉන්න පුලුවන් නම් එයාලා ඒ කාලය ඇතුළත තීරණය කරනවා අපිට විවාහ වෙන්න පුළුවන් කියලා. ඉතින් මම මෙයාට කියලා තියෙන්නේ අපි දෙන්නා බිස්නස් කරමු. මගේ ටාගට් එකක් තියෙනවා. පිටරටකට ගිහිල්ලා පදිංචි වෙන්න. මගේ ළමයා අරගෙන එයාගේ ඉගෙන ගන්න වැඩ වලට යන්න. ඉතින් විවාහයට යන්නෑ. අපි දෙන්නා හරි ආදරෙන් ඉන්නවා. මොකද විවාහය කියලා කියන්නේ කොළේකට අත්සන් ගන්න එකක් විතරයි.

හදිස්සියේ අපිට ඩිවෝස් වෙන්න වුනොත් උසාවි යන්න ඕනේ. වැඩ ගොඩයිනේ. මං කියන්නේ අපි දෙන්නට අයින් වෙන්න වුණොත් අපි දෙන්නා කතා වෙලා සතුටින් අයින් වෙමු. ඒ උසාවි ගිහිල්ලා අයියෝ ඒක චුට්ටක් අමාරුයිනේ ලෝයර්ස්ලටත් අපි සල්ලි දීලා. ඉතින් ඊට වැඩිය හොඳයි. අපි දෙන්නා කතා කරලා අයින් වෙන එක. ඉතින් මෙහෙම ඉන්නවා. මැරි කරන එකක් නැති වෙයි. මම චන්දිමාල් ජයසිංහ විවාහ වුණාට පස්සේ තමයි මම විවාහ වෙන්නේ. මූ බඳිනකල් මං බඳින්නේ නැහැ. ඉතින් චන්දිමාල්ට කියන්න තියෙන්නේ හැමදාමත් මං එයාට හරි ආදරෙයි කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: