hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 17, පෙ.ව. 8:52



සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම පුවත් මවන නම ඇසූ සැනින් කවුරුත් හදුනන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ.

ඉතින් පහුගිය දවසක ඇය පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය පොඩි කාලේ ඉඳන්ම කොටට අඳින්න හරිම ආස වුනත් ඇය තැනකට ආවත් හරි හැමදාම මිනිස්සු දැක්කේ ඇය කොටට අඳින එකයි ඕපන් අඳින එකයි කියලයි පියුමි කියන්නේ.

ඒත් ඒ අයටම දැන් තේරිලා තියෙනවාලු එහෙම අඳින එක එක්තරා ෆැෂන් එකක් කියලා.

ඉතින් දැන් කවුරුත් කියන්නේ නෑනේ පියුමි අඳින විදිහ අවුල් කියලා.

මොකද සරලවම අඳින පලඳින විදිහ කියන්නේ එක ෆැෂන් එකක් වගේම ෆැෂන් එකකින් මිනිස්සු මනින්න බෑ කියලත් ඇය කියනවා.

ඒ වගේම හිනාවක් අහලකවත් නැති මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගේන එකයි අසරණ සත්තුන්ට පිහිටවෙන එකයි දැන් ඇයගේ ජීවිතේ කොටසක් වෙලා කියලයි පියුමි කියන්නේ.

ඉතින් ඇය හරි ආසයිලු ඒ වගේ දේවල් කරන්න.

ඒ වගේම කවුරුත් නොදන්නවා වුනාට ඇයගේ ළඟ ලොකුවට සල්ලි නැති කාලෙත් ඇය මිනිස්සුන්ට ඇති තරම් උදව් කරලා තියෙනවා කියලත් පියුමි කියනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: