hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 20, ප.ව. 1:02



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

නිරූපණය ,රංගනය යන ක්ෂේත්‍රවලින් අසීමිත ජනප්‍රියත්වයක් ලබන ඈ, සිය ජනප්‍රියත්වය තවත් කෙනෙක්ගේ මුහුණට සිනහව කැන්දන්න යොදාගන්නා අයුරු හරිම අපූරුයි.

එහෙම කියන්න හිතුණේ ඇය කළ උතුම් කටයුත්තක් පිළිබඳව සටහනක් අපේ ඇස ගැටුණු නිසයි.

මේ කතාව අපි ඔබට කියනවාට වඩා පියුමි හංසමාලිගේම වචනවලින් මේ විදිහට කියන්නම්.

පියුමි අපූරු සටහනක් එක්ක ඡායාරූප කීපයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා මේ කතාව කියලා තිබුනා.

“ඊයේ පොඩි සාදු මට video call එකක් ගත්තා. අරං පෙන්නුවා අනෙ අක්කෙ පවුලක් ඉන්නවා. ඒ ලමයින්ට ඇදුම් වත් නැ. මම දැක්කා video call එකෙදි මෙ පුංචිම ලමයින්ට ඇදුම් නැතුව ඔහෙ හිටියෙ ඇත්ත මයි පවු මාරම අසරනයි. පවු පස් දෙනාම දුවලා. එක පුතයි ඉන්නෙ. මම අද ආවා ආරච්චි කට්ටුවෙ මෙය⁣ොලට පිහිට වෙන්න ආවෙ. මෙක තමයි මගෙ එකම විනොදාංශය. මගෙ හිතට දැනෙන සතුට මට කියලා නිම කරන්න බැ. මම දැක්කා ඒ අම්මාගෙ අහිංසක සතුට. මම මෙ දරැවො හය දෙනාටම කිව්වා කැමති කැමති ආසා හැම දෙම ගන්න කියලා. ඇත්තමයි පුදුම සතුටකින් එයාලා shopping කරෙ. අපි උපයන මුදල් වලින් තමන්ට පුලුවන් ගානාක් අයින් කරන්න එක මෙ වගෙ පිං දහම් වලට තියා ගන්න. මෙ මම වගෙ. දවසක අපි අරං යන්නෙ මෙච්චරයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: