hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 15, පෙ.ව. 4:47



විශ්ව පෙරේරා කියන්නේ කාලයක් අපේ රටේ රූ රැජින තෝරන තරඟාවලි ගණනාවක ලංකාව නියෝජනය කළ ජාතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කෙනෙක්.

විදෙස්ගත වුණත් ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන ඔහු විමසිල්ලෙන් ඉන්නේ.

ඔහු නිරූපණ ක්ෂේත්‍රයේ වන විවිධ කලබැගෑනි සම්බන්ධයෙන් ඔහුගේ සමාජ මාධ්‍යවල විවිධ සටහන් පළ කරනවා.

මෑතකදීත් ඔහු එවැනි සටහනක් පළ කළා.

එය දෝෂාරෝපනයක් කියලා කිව්වොත් නිවැරදියි.

ඔහු දෝෂාරෝපනය කරන්නේ හිටපු විවාහක රූ රැජිනක් වන පුෂ්පිකා ද සිල්වාට.

ඇය ඇගේ දරුවාව පාසලට ඇරලවන්නට යන ආකාරයේ ඡායාරූපයක් පළ කරමින් ඇගේ ඇඳුම් විලාසිතාවලටයි විශ්ව දෝෂාරෝපනය කරන්නේ.

එය විශ්ව සංසන්ධයන කරන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් වන පියුමි හංසමාලි සමඟ.

එම සටහන පහතින්,

“මේ පිංතුරය දැක්කම මට කට වහන් ඉන්න බැරි උනා. පියුමි කියන්නෙ ඉපදුන කාලෙ ඉදලම කොලඹ හැදුනු වැඩුනු ගැහැනියක්. අසරන දරැවව පාසැලට බාර දෙන්න යන දවසෙ ලස්සනට ඇග වහලා දිග ගවුමක් ඇදගෙන පාසැලට බාර දෙන්න යන දවස. එයා කොහොමත් එයාගෙ පුතාගෙ පාසැලට ගියත් යන්නෙ මුලු ඇගම වහලා ඇදුම් ඇදන්.ඒකට මෙ මෙක පොලොන්නරැවෙන් කොලඹට ඇවිල්ල පට්ට පොශ් කියලා පෙන්නන්න දගලන හොල්මනක් තමන්ගෙ දරැවා පාසැලට බාර දෙන්න යන දවසෙ ඇදගෙන යන විදිහ. කොළබ ජාත්‍යන්තර පාසලට ලු යන්නෙ ලමයා.දරැවා ඉගෙන ගන්න පාසැලට ගරැ කරන්න ඉගෙන ගන්න මුලින්ම අම්මා කෙනෙක් නම්.ඔයාගෙ ගෙවල් තියෙන්නෙ පැපිලියානෙ එත් පොෂ් එකට කොළබ 07 පාසැලට දාලා. ඔය ලග පාත නැද්ද හොද පාසැලක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: