hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 23, පෙ.ව. 10:17



රංගන ක්ෂේත්‍රය තුළ එක්තරා අවස්ථාවකදී නිරූපිකාවක් විදිහට තවත් අවස්ථාවකදී දක්ෂ රංගන ශිල්පිනියක් විදිහටත් ප්‍රේක්ෂකයන් අතරට ආපු ඇය නමින් සුරූපී පූජනී භාග්‍යා.

ඇය බොහෝ අවස්ථාවන්වල දී ප්‍රේක්ෂකයන් හමුවට ආවේ විවිධ ආකාරයේ වැඩසටහන් එක්ක එකතු වෙච්චි නිරූපිකාවක් විදිහටයි.

කෙසේ නමුත් මේ වෙද්දි ගොඩක්  දෙනෙක් දන්නවා පූජානී සහ රංගන ලෝකය තවත් සුවිශේෂී චරිතයක් වන ගයාන් ගුණවර්ධන කියන්නේ ආදරවන්තයින් කියන්න.

හැබැයි මේ දෙන නම් ප්‍රසිද්ධියේ මේ සම්බන්ධයෙන් කිසිම අවස්ථාවකදී අවස්ථාවකදී කිසි දෙයක් කියලා තිබුණෙ නැහැ.

පසුගිය දවසක අපි දැක්කා ගයාන් ගුණවර්ධන කියන සොඳුරු කලාකරුවා අතිශයින් සංවේදී අවස්ථාවකට මුහුණ දුන්නා.

ඒ තමයි ඔහුගේ ආදරණීය පියතුමන් වන ප්‍රසිද්ධ ගායක නුවන් ගුණවර්ධන මහත්මයා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවන ගමනට සමුදීම.

අපි දැක්කා දේහයේ අවසන් කටයුතු සිදුවන  කාල සීමාව  පුරාවටම ඇය  ගාවින් හෙල්ලෙන්නෙවත් නැතුව ඔහුට ශක්තියක් වෙච්චි ආකාරය.

ඉතින් ඒ දේවල් ඒ විදියට සිද්ධ වෙද්දී පසුගිය දවසක ඇය නුවන් ගුණවර්ධන මහත්මයාගේ අවමංගල්‍ය උත්සවයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වලට මුදා හැරියා.

ඒ අවස්ථාවේදී ගයාන්ගෙ පිටිපස්සෙ ඉඳගෙන ඉන්න පූජනී කැමරා කාචයට හසුකර ගෙන තිබුණා.

ඉතින් මේ ඡායාරූපයක් ඇය පල කරාට පස්සේ එක රසිකාවියක් අහල තිබුනා තිබුණා ඇයි ඔයා පැත්තකට වෙලා ඉන්නේ කියලා ඉතින් රසිකාවියක් අහපු ඒ ප්‍රශ්නෙට පූජනී ඇයට පිළිතුරු දීලා තිබුනේ 

“මං ඒ ඉන්නේ ඉන්නේ ඒ වෙලාවේ ළඟ ඉන්නම ඕන කෙනාගෙ පිටිපස්සෙන් අක්කේ”

කියලයි.ඉතින් මේ සඳහා ගොඩක් දෙනෙක් තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරලත් තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: