hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 අප්‍රේල් 17, පෙ.ව. 8:10



2021 වර්ෂයේ ලාංකික විවාහක රූ රැජන තරගාවලියේදී මෙන්ම 2022 වසරේ ලෝක විවාහක රූ රැජන තරගාවලියේදීත් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණු චරිතයක් තමයි පුෂ්පිකා ද සිල්වා කියලා කියන්නේ.

ඒ වගේම මේ දිනවලත් ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශයින් ජනප්‍රියයි.

ඉතින් නිරූපණ ක්ෂේත්‍රයේම ඇය තවත් කාන්තාවක් සමග මත ගැටුමක් ඇති ඇතිකරගෙන කියලත් මේ වෙද්දී අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය ඇයගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක් වුනත් හැම තිස්සෙම ඇයට ඇති වෙන ප්‍රශ්න නිසා සමාජයේ නිතරම කතාබහට ලක්වෙනවා කියලයි පුෂ්පිකා නම් කියන්නේ.

ඒ වගේම ජනප්‍රියත්වය, ධනය, බලය, තරුණකම මේ හැම දෙයක්ම තාවකාලිකයි කියලත් ඇය කියනවා.

ඉතින් හැම දවසකම මිනිසුන්ගේ හදවතේ ජීවත් වෙන චරිතයක් වෙන එක පහසු නැහැ කියලයි ඇය කියන්නේ.

කොහොම වුණත් ඵල ඇති රුකටනේ ගල් ගහන නිසා තමයිලු ඇය ගැනම සමහරු මේ තරම් හොයන්නේ.

ඒ වගේම පොළොන්නරුවේ ඉඳලා ජීවිතේ ඉලක්ක හොයාගෙන ඇවිල්ලා 2010, 2011 වසරවල දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයෙන් නිර්මාණය වුණු ඇය ඒ දුෂ්කර ගමන ගැන අද ගොඩක් සතුටු වෙනවා කියලත් කියනවා.

ඒත් එක්කම මේ වෙද්දී හතර වතාවක් අපේ රට නියෝජනය කරමින් ජාත්‍යන්තරයට ගියපු, රට වෙනුවෙන් පුළුවන් මට්ටමින් ජයග්‍රහණ ලබාගත් කෙනෙක් තමයි ඇය.

කොහොම නමුත් කිසිම දෙයක් නොකර ඉන්න මනුස්සයෙකුට වඩා මොකක් හරි යහපත් සේවයක් කරන කෙනෙකුට කොහොමත් නොහිතන චෝදනා එල්ල වෙනවා කියලයි පුෂ්පිකා නම් කියන්නේ.

ඉතින් ඇයත් කිසිම කෙනෙකුට උදව් කරන්නේ නැතිව ඇයගේ පෞද්ගලික දේවල් විතරක් කරගෙන හිටියා නම් කාටවත් ඇය විශේෂ මාතෘකාවක් වෙන එකක් නෑ කියලත් ඇය කියනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: