hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 20, පෙ.ව. 7:14



පෙම්වතා විසින් මෙසේ ගෙල කපා මරා දැමු කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලැබූ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති මේ සිසුවිය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතිකාවක් ඇති වී තිබෙනවා.

ඇගේ ගෙල කපා මරා දැමූ පෙම්වතාද කොළඹ සරසවියේ ඇය සමඟ තෙවැනි වසරේම අධ්‍යාපනය ලබන සිසුවෙක්.

පොලිස් විමර්ශන ආරම්භ වී පැය කිහිපයක් ගත වන විට කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පසිඳුව අත්අඩංගුවට ගන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිටියදීයි.

ඔහු 2018 වසරේ සිට විශාදය සහ මානසික ආතතිය සඳහා අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍යායතනයේ ප්‍රතිකාර ගත් අයකු බව විමර්ශනවලදී අනාවරණය වුණා.

විශාදයෙන් පෙළුණු පසිඳු සෑම දෙයක් පිළිබඳවම සැකයෙන් බැලීමට පුරුදුව සිටි අයෙක්.

ඒ හේතුවෙන් සිය පෙම්වතිය තමා හැරදා යාවි යැයි සැම විටම සිටියේ සැකමුසු සිතින්.

එදිනද බීම ​බෝතල් දෙකක් රැගෙන වෙනදා මෙන් සතුටු සාමිචියේ යෙදීමට පැමිණි ඔහුට ඇය තමාගෙන් දුරස්වනු ඇතැයි නැගුණු සිතිවිල්ල හේතුවෙන් මෙම ඝාතනය කරන්නට පෙලඹුණු බව පොලිසිය හමුවේ පසිඳු පාපොච්චාරණය කර තිබෙනවා.

2018 වසරෙහි දෙසැම්බර් මසදීද සියදිවි හානි කර ගැනීමට තැත් කළ පසිඳුට දැඩිසත්කාරයේ ප්‍රතිකාර පවා ලබා ගැනීමට සිදු වූයේ එම උත්සාහය ව්‍යර්ථ වීම නිසාවෙන්.

දිගින් දිගටම ඔහු මානසික ආබාධ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බව ඔහුගේ පියා අනාවරණය කළා.

කොළඹ විශ්වවිද්‍යාල මිතුරු මිතුරියෝ පසිඳු ගැන දක්වන්නේ මෙවැනි මතයක්.

‘‘හැම වෙලාවෙම කාත් එක්ක හරි ලෙඩක් දාගන්න හදන කෙනෙක්. එයා කොහොමත් චතුරිට ගැළපෙන්නේ නැහැ. චතුරි අහිංසක ළමයෙක් වගේම හොඳ බ්‍රයිට් කේස් එකක්’’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: