hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 08, ප.ව. 3:03



රංගන ද සිල්වා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ නිවේදකයෙක්.

හිරු නාලිකාවේ කොපි චැට් වැඩසටහන හරහා ප්‍රේක්ෂක ආදරය අසීමිතව දිනා ගත් රංගන පසුකාලිනවා හිරු නාලිකාවෙන් ඉවත් වෙනවා.

හිරු නාලිකාවෙන් ඉවත් වූ රංගන පසුව ස්වර්ණවාහිනී නාලිකාව හා සම්බන්ධ වෙනවා.

ඔහු එහි හිත ඉල්ලන තරු වැඩසටහන මෙහයවුවා.

එයටත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබුණා.

කෙසේවෙටත් මේ වෙන විට රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් කරලා.

මෙවර හිත ඉල්ලන තරු වැඩසටහනද මෙහෙය වුයේ ජයන්ත අතපත්තු සහ සංජුලා විසින්.

මෙවැනි පසුබිමක ඇතැම් සමාජමාධ්‍ය ජාලා සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන්ට එරෙහිව ප්‍රවීන මාධ්‍යවේදී රංගනද සිල්වා මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා.

සිය බිරිඳ වන ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිෂ්පාදිකා නිශාන්ති දිල්රුක්ෂි මහත්මිය සමග පැමිණි රංගන ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු ඒ සම්බන්ධයෙන් සිය මුහුනුපොතේ සටහනක් තබා තිබෙනවා.

එම සම්පුර්ණ සටහන පහතින්,

බොරු අපහාසාත්මක ප්‍රචාරවලට එරෙහිව නීති මගින් කටයුතු කරන්න මාත් බිරිදත් CID යට පැමිණිලි කළා. කිසි කෙනෙක්ට ඉදිරියේදී මෙහෙම බොරු අපහාසවලට ලක්වෙන්න ඉඩ තැබිය යුතු නෑ.

ඒ එක්කම ආදරණීය ඔබට මා සටහනක් තබනවා..

මට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත ලෝකවාසී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාවට සටහනක් තබන්න හිතුවා..මේ සටහන ඒ මට ආදරය කරන අයට පමණමයි. අන් කිසිවෙකුට නොවේ..

ඔබ මා ඉන්න තැන මාත් එක්කම හිටියා..ඔබ මා යන තැනකට මාත් එක්කම ආවා…ඒ දශක දෙකක පමණ කාලයක් මුලුල්ලේ..ඉතින් ඔබ ඇමතීම මගේ වගකීමක් ..මගේ යුතුකමක්..

ආදරණීය ශ්‍රී ලාංකික මිතුරනි..

ඇතැම් චිත්‍රපටවල අප දකිනවා ⁣හොඳටම ඉන්න මිනිහෙක් නරකම කෙනෙක් විදියට පෙන්වන්න ගහන GAME..කරන කුමන්ත්‍රණ.. සමහර විට ඒවා බලනකොට අපට හිතෙනවා මෙහෙමත් කුමන්ත්‍රණ කරන්න පුළුවන් ද කියලා..හැබැයි ජීවිතයේ හිතාගන්න බැරි වෙලාවක ඒ වගේ කුමන්ත්‍රණ වලට මුහුණ ⁣දෙන්න වෙන⁣කොට තමයි දැනෙන්නෙ හැබෑ ලෝකයෙත් මෙහෙම වෙනවනෙ කියලා..

ඒ නිසා ඔබට මා කිවයුතු දෙයක් ඇත…

මා එදා ඔබ ආදරය කළ රංගනමයි..

හෙටත් එහෙමයි..ඉන්නා ඉසව්වක..ඉන්නා කොදෙව්වක මනුස්සකම රැකගෙන ඉන්නවා..

ඔබේ ආදරය මට රටක් වටිනවා..ඒ ආදරය තමයි මේ දිගු ගමන මා රැගෙන ආවෙ..මට ලැබී තිබෙන මේ සැමදෙයම ඒ ආදරය නිසාමයි..ඉතින් ඒ ආදරයට මා ණය ගැතියි…ඒ ආදරය නොවන්නට මා මේ තැනට නොඑන්නට තිබුණා…

තව එක් දෙයක් කීමට ඇත..

සමහර මිනිසුන් ඉතා අතලොස්සක් හරිම නපුරුයි..හරිම විසකුරුයි.. දුර්දාන්තයි…

ඒ නිසා අවසානයේ මෙලෙස සටහන් තබමි…

කිසිවෙක් කිසිවෙකුට

වෛර නොකෙරෙත්වා..

කිසිවෙක් කිසිවෙකුට

නින්දා නොකෙරෙත්වා..

කිසිවෙක් කිසිවෙකුට

අවමන් නොකෙරෙත්වා .

සියල්ලෝම සියල්ලන්ගේම

සැප කැමැත්තෝ වෙත්වා

ස්තුතියි..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: