hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 21, පෙ.ව. 9:11



ජීවිතේ කියන්නෙම අවිනිශ්චිත ගමනක්.

අපි ආදරේ කරන, අපේ ආත්මයම වුණු මිනිස්සු ක්ෂණයකින් අපෙන් ඈතට යන්න පුළුවන්.

හීන හුඟක් අතරමඟ දාලා, තමන්ට පණ ඇරපු උන්ව අඬවලා එහෙම නොහිතපු මොහොතක යන්නෙ කොහොමද ? දෛවය ඒ තරම් ම නපුරුයිද?

ඔහු රවිඳු සහන්.

ඔහුට දිවි අහිමි වෙන්නෙ දුම්රිය අනතුරකින්.

දුම්රියේ ගැටී මොහොතකින් පසෙකට විසිවී සිදුවූ අනතුර ඔහුගේ ආත්මයම මෙහෙන් අරන් යනවා.

පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු රවිඳු සහන් 25 හැවිරිදි තරුණයෙක්.

විවාහකයෙක් වන රවිඳුගේ අකල් මරණය මේ වනවිට මුළු සමාජ මාධ්‍ය තුළම දැඩි කතා බහකට ලක්ව ඇති අයුරු එහි ප්‍රවිෂ්ට වෙන ඕනෑම අයෙකුට දැක ගත හැයි.

කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි රවිඳුගේ අවසන් කටයුතු ඊයේ (20) කොහුවල පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.

ඔහුට ආදරේ කරන කවුරුත් රවිඳුගේ වියෝව ගැන සිය සංවේදී සටහන් මුහුණු පොතට එකතු කර තිබුණා.

මේ සටහනත් එලෙස ලියවුණු සටහනක්.

“අපි ක්ලාස් කට් කරලා වල බැහැපු පාරෙම අන්තිමෙට උඹව මට කරගහන්නත් වුණා. ඒත් උඹව මගේ කරට ගන්න හිටියේ., මෙහෙම වෙලාවකදී නෙමෙයි බං. මේ උඹත් එක්ක ගත්තු අන්තීම Photo ටික. ආයේ උඹේ හිනාව., කතාව මේ කිසිම දෙයක් අහන්න දකින්න වෙන්නේ නෑ කොච්චර අමාරු වුණත් ඒ දේ පිළිගන්නම වෙනවා. සුබ ගමන් මැණික. ඉන්න තැනක පරිස්සමින් හිටපන්. ආදරෙයි උඹට “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: