hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 19, ප.ව. 8:03



ජීවිතේ කියන්නෙම අවිනිශ්චිත ගමනක්.

අපි ආදරේ කරන, අපේ ආත්මයම වුණු මිනිස්සු ක්ෂණයකින් අපෙන් ඈතට යන්න පුළුවන්.

හීන හුඟක් අතරමඟ දාලා, තමන්ට පණ ඇරපු උන්ව අඬවලා එහෙම නොහිතපු මොහොතක යන්නෙ කොහොමද ? දෛවය ඒ තරම් ම නපුරුයිද?

ඔහු රවිඳු සහන්.

ඔහුට දිවි අහිමි වෙන්නෙ දුම්රිය අනතුරකින්.

දුම්රියේ ගැටී මොහොතකින් පසෙකට විසිවී සිදුවූ අනතුර ඔහුගේ ආත්මයම මෙහෙන් අරන් යනවා.

පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු රවිඳු සහන් 25 හැවිරිදි තරුණයෙක්.

විවාහකයෙක් වන රවිඳුගේ අකල් මරණය මේ වනවිට මුළු සමාජ මාධ්‍ය තුළම දැඩි කතා බහකට ලක්ව ඇති අයුරු එහි ප්‍රවිෂ්ට වෙන ඕනෑම අයෙකුට දැක ගත හැයි.

කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි රවිඳුගේ අවසන් කටයුතු හෙට (20) කොහුවල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.

රවිඳු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවෙකු ද වෙනවා.

රවිඳු වෙනුවෙන් මුහුණුපොතේ මිතුරන් තැබූ සටහන් කිහිපයක් පහතින්,

“එක මෙහොතක්, එක තත්පරයක් ඇති අපි මේ ගෙවන මුළු ජීවිතය ම වෙනස් වෙන්න. හමුවෙන හැම ජීවිතයක් ම අපි ළඟ නතර වෙන්නැ කවදාවත් ම.
බෙන්ටා ආයෙ ආත්මෙක අපි කොහෙදි හරි සෙට්වෙමු!
එකම ඉස්කෝලෙක එකම පන්තියක ආයෙත් අපි එකට ම
ඉගෙන ගමු!
සුභ ගමන් බෙන්ටා උඹට!…”

“ඉන්න තැනක සතුටින් ඉදපන් වේල්ස් උබට ආදරෙයි බං. අමතක වෙන්නෙ නම් නෑ උබව කවදාවත්. “

“අඩෝ හිතාගන්න බැ රවියා..අපිට තවත් සහොදරයේක් වගේ යාලුවේක්. හිටිය .මේවැනි අකල් මරණ කිසිම කෙනෙක් ට සිදුවෙන්න නරකයි. . ඉන්න තැනක උබ හොඳින් ඉන්න ඕන .. නිවන් සුව ලැබේවා.. රවියා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: