hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 05, පෙ.ව. 1:27



තරුණ පරම්පරාව අතර වැඩිපුර ආකර්ක්‍ෂණය දිනාගෙන සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියලා කියන්නෙ.

මාසයක් පුරා සඳනි ඇගේ පෙම්වතා වන ගායන ශිල්පී පියත් රාජපක්ෂ සමග ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර කරපු සංචාරයකින් පස්සෙ ආපහු ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්නවා.

ඇගේ අලුත්ම විස්තර ගැන සඳනි මෙහෙම කිව්වා.

කොහොමද සිරුර ලස්සනට තියාගෙන ඉන්නෙ?

කෑමබීම අඩුවෙන් අරගෙන ව්‍යායාම කරන එක තමයි ඇඟ ලස්සනට තියාගන්න මම කරන්නෙ. හැබැයි පහුගිය කාලෙ තිබුණ වැඩත් එක්ක ඇඟ ගැන හිතන්න කාලය මදිවුණා. ඒ නිසා හිටියට වැඩිය ටිකක් විතර ඇඟ මහත්වෙලා තියනවා. මේ දවස්වල මම වැඩිපුර උත්සාහ කරන්නෙ ඇඟ තිබුණ ගානට අඩුකරගන්න.

ශරීරය පවත්වාගෙන යන්නෙ සරාගී විදිහටද?

මේ මට උපතින් ලැබිලා තියන ශරීරය. අම්මා තාත්තගේ ජානවලින් ස්වභාවිකව මට ලැබිලා තියෙන ශරීරය ගැන මම සියයට සීයක්ම තෘප්තිමත් වෙනවා. ඒ විදිහට ස්වභාවිකව ලස්සනට ලැබිලා තියෙන ඇඟ කැතවෙන්න දෙන්නෙ නැතුව ව්‍යායාම කරලා වැඩිය කෑමබීම ගන්නෙ නැතුව හදන එක විතරයි මම කරන්නෙ. ඒ ඇරුණාම සරාගී වෙන්න ඕන කියන අදහසින් ඇඟ හදන්න විශේෂ මුකුත් කරන්නෙ නැහැ. මට එහෙම අමුතුවෙන් සරාගී වෙන්න අවශ්‍යතාවකුත් නැහැ. ස්වභාවිකව මට ලැබිලා තියෙන ඇඟ ගැන මම සතුටු වෙනවා.

ඒ වුණාට සෑහෙන්න ප්‍රතිචාර එනවා නේද සරාගී කියලා…

ප්‍රතිචාර නම් ගොඩක් එනවා සරාගී කියලා. මම සාමාන්‍යය විදිහට පවත්වාගෙන යන ඇඟ පිට ඉඳලා බලන සමහර අයට සරාගී විදිහට පේනවා ඇති. ඒක ඉතින් එක එක්කෙනා දකින විදිහ. කොහොම වුණත් මම ඒ ලැබෙන ප්‍රතිචාර හැම එකක්ම සතුටින් බාරගන්නවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: