hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 20, පෙ.ව. 12:13



සනෝජා බිබිලේ කියන්නෙ ලංකාවේ කලාව තුළ රසයක් මවපු කලාවේදිනියක්.

අදටත් ඇය වටා පවතින ජනාදරය අතිමහත්.

ඒ නිසාමයි ඇගේ නම මේ තරමට ජනතාව වැළඳගෙන ඉන්නෙ.

සනෝජා බිබිලේ දේශපාලනයට පැමිණෙනවා කියලා රාවයක් මේ වෙනකොට පැතිරිලා තියෙනවා.

සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් සනෝජා බිබිලේ සිය දේශපාලනට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා.

ඒ සම්බන්ධයෙන් ඇය මෙසේ අදහස් දක්වා සිටියා,

දේශපාලනයට එන්න අදහසක් නැද්ද?

මට මුලින්ම හිතුන දෙයක් තමයි දේශපාලනයට එන එක. අත්සන් කරන්න දවසකට කලින් මම එන්න බැහැ කියලා කිව්වා. දේශපාලනයට සමාජ සේවයට මම ගොඩක් කැමති කෙනෙක්. රටේ පවතින තත්වය තත්වයත් එක්ක මට දේශපාලනය එපා වුණා.

පක්ෂයකින් ආරාධනාවක් ලැබුණොත්?

දැනටම ආරාධනාවක් ලැබිලා තිබෙන්නෙ. නමුත් මේ එන ඡන්දයට ඉදිරිපත් වෙන්න අදහසක් නැහැ.එහෙම නොවුණොත් මහ ඡන්දයට සමහර වෙලාට ඉදිරිපත් වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: