hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 27, පෙ.ව. 8:57



රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා කියන්නේ ගායන ලෝකය තුළ තමන්ගෙම රටාවක ට ගීත ගායනා කරමින් ප්‍රේක්ෂක ආදරය එදා වගේම අදටත් නොමදව ලබා ගත්තු ආදරණීය කලාකරුවන් දෙදෙනෙක්.

ඉතින් මේ දෙදෙනාටම ආදරණීය දියණියන් දෙදෙනෙක් ඉන්නවා.වැඩිමහල් දියණිය රයිනි චාරුකා.බාල දියණිය වින්ඩි ගුණතිලක.

මේ දෙදෙනාම මේ වන විටත් සංගීත වැඩ කටයුතුවල නිරත වෙලා ඉන්නවා.බාල දියණිය වින්ඩි විදෙස් ගත වෙලා තමයි අධ්‍යාපනය හැදෑරුවේ.

පසුකාලීනව ඇය ලංකාවට ආවා.ඒ ආවට පස්සේවත් ඇය සංගීතය පැත්තට මහලොකුවට අවධානය යොමු කළේ නැහැ.ඒකට හේතුව වින්ඩි කියන්නේ ගොඩක් ලැජ්ජාශීලී සහ කම්මැලි කෙනෙක්. ඒ ගැන ඇය ම කියලා තියෙනවා.

කෙසේ නමුත් ටික කාලයක් යද්දි අපිට ආරංචි වෙනවා ඇය කලා ලෝකය තුළ තවත් අති දක්ෂ ගායකයෙක් වන සනුක වික්‍රමසිංහ සමග යුග ජීවිතයට යන්න ආදරණීය පෙම්වතුන් බවට පත් වෙලා කියන දේ.

ඇත්තටම සනුක සහ වින්ඩි කියන්නේ හොඳටම ගැළපෙන කපල් එකක්.පසුගිය දවස්වල වින්ඩිගේ අයියෝ සාමි කියන ගීතය නිර්මාණය කරලා දෙන්නෙත් සනුකගෙ අදහසක් විදියට. ඉතින් ඔහුගේම රටාවක ට සංගීතය තුළින් ඉදිරියට ගමනක් යන සනුක ඒ ගමනට ආදරණීය සහකාරියක් එකතු කරගෙන.

නත්තල් දවසට පහුවදා මේ ආදරණීය පෙම්වතුන් එකම වහළක් යටට යන දවස උදා වෙලා තියෙනවා.ඒ කියන්නේ ඔවුන්ගේ විවාහ මංගල්‍ය උත්සවය ඊයේ දින පවත්වනවා. හරිම චාම්ව සිදුකරන මේ විවාහ මංගල්‍යය පිළිබඳව  චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය කල්තියා අදහස් ඉදිරිපත් කරලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: