hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 30, ප.ව. 11:00



කොළඹ CR & FC ක්‍රීඩාංගනයේ පැවති තරඟය ආරම්භයේ සිටම ඉසිපතන ක්‍රීඩකයින්ගේ දක්ෂතා කැපී පෙනුනා.

ඔවුන් පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ලකුණු දහයට අටක් ලෙසයි.

දෙවෙනි අර්ධයේදී ඉසිපතන විද්‍යාලය ලකුණු දහ අටක් රැස් කළා.

එම අර්ධයේදී ශාන්ත ජෝශප් විද්‍යාලය ලකුණු දහයක් රැස් කල අතර ඒ අනුව තරඟය අවසන් වුණේ ලකුණු විසි අටට දහ අටක් ලෙස ඉසිපතන ක්‍රීඩකයින්ට ජය හිමිකර දෙමින්.

තරඟාවලියේ සහභාගී වූ තරඟ තුනම ජයගත් අපරාජිත ඉසිපතන කණ්ඩායම මේ වන විට ලකුණු සටහන් පෙරමුණේ පසුවනවා.

මේ අතර ඉසිපතන කණ්ඩායමේ හේෂාන් රන්දිමාල් මෙම තරගයට සහභාගී වූයේ සිය මවගේ වියෝවෙන් උපන් ශෝකයද දරා ගනිමින්.

අද දිනයේ දී ඉසිපතන කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම සාර්ථක කර ගත්තේද ඔහුයි.

ඊයේ දිනයේදී හේෂාන්ගේ මව මෙලොවින් සමුගත් අතර අනිද්දා දිනයේදී ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

මේ අතර තරගයෙන් අනතුරුව මරදාන ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩකයින් හේෂාන්ගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා.

ක්‍රීඩා පිටියේදී ප්‍රතිවාදීන් වුණත්, මේ දරුවන් පෙන්වූ සහෝදරත්වය, ක්‍රීඩාවෙන් මෙන්ම මනුෂ්‍යත්වයේ සැබෑ අරුතද ලොවට කියාපානවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: