hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 මාර්තු 16, පෙ.ව. 4:29



ජනප්‍රිය සිනමා නිලියකට සම්බන්ධතා ඇති මහනුවර මාපනාවතුර ප්‍රදේශයේ නිවසක කලක පටන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වැටලූ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් තරුණියන් සිව් දෙනෙකු ඇතුළු හත් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගණිකා මධ්‍යස්ථානය සිනමා නිලියක විසින් පවත්වාගෙන බවට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකළ නමුත් ඒ සඳහා ඇගේ ඍජු සම්බන්ධයක් ඇති බව තහවුරු නොවූ බව පොලීසිය පවසනවා.

අදාළ නිවස කුලියට ගත් පුද්ගලයෙකු එහි ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

සැකපිට අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු සතුව ගංජා පැකට් කිහිපයක් තිබී පොලීසිය සොයාගෙන ඇති අතර අදාළ නිවස කුලියට ලබාගත් පුද්ගලයා වැටලීම සිදුකළ අවස්ථාවේ එහි නොසිටි බව පොලීසිය පවසනවා.

අදාළ නිවස කුලියට ලබාගත් පුද්ගලයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලීසිය නොතිසියක් ලබා ගෙන තිබෙනවා.

නිවසේ හිමිකරුගෙන්ද පොලීසිය ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.

සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් සිව්දෙනා ඇතුළු පිරිස මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: