hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 18, ප.ව. 3:35



සුසන්තා චන්ද්‍රමාලි මේ වන විට පිළිකාමය රෝගී තත්වයෙන් පසු වන බව ඒෂියන් මිරර් අපි ඔබට කිව්වා මතක ඇති.

ඇයට උදව් ඉල්ලා ඇය සිය මුහුණු පොතේ සටහනක් ද තබා තිබුණා.

ඇයට උදව් කිරීමට රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි ඉදිරිපත් වුණා.

පියුමි හංසමාලි සුසන්තා චන්ද්‍රමාලිට කීපවතාවක් දුරකථන ඇමතුම් දුන්නද ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ බව පියුමි කියා සිටියා.

ඒ අතරවාරයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා.

පසුගිය දවසක සුසන්තා චන්ද්‍රමාලි සමඟ සාකච්ඡාවකට එක්වූ රංගන ශිල්පී සුදත්ත තිලකිරිසි මේ සම්බන්ධයෙන් සුසන්තාගෙන් විමසීමක් කළා.

ඒ මොහොතේ “පියුමි හංසමාලි”ගේ නමක් හෝ සඳහන් නොකළ සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය ලබා දුන් පිළිතුරයි මේ..

“ඇත්තටම ඒ දරුවා.. එයාට දරුවා කියන්නෙ මගේ දුවගේ වයසේ වගේ ඇතිනේ. ඒ… දරුවා… මොන අදහසකින් එහෙම කිව්වද කියලා මම දන් නෑ. මට දුරකතන ඇමතුමක් නම් දුන් නෑ. මම කවදාවත් පුද්ගලිකව එයාව දැකලා නෑ. හම්බෙලත් නෑ. මට හරි දුක හිතුණා. ෆීල්ඩ් එකේ මමයි දුවයි වචනයක්වත් අහපු අය නෙවේ. ඉතින් අනේ ඒකට නම් හානි කරන්න එපා කියලා මම ඉල්ලනවා. මගේ නෙවේ කාගෙවත් කාන්තාවකගේ අභිමානයට චරිතවත් බවට හානි කරන්න එපා. ඔයාලගේ දේවල් ඔයාලා කරන් යන්න..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: