hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 14, පෙ.ව. 7:11



ප්‍රංශ ජාතික කාන්තාවකගෙන් කුලී ගමන් ගාස්තුව වෙනුවට අයථා ක්‍රියාවලියකට එක්වන්නැයි අරාධනා කළ ත්‍රිරෝද රථ රියැදුරකු ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අංක 06 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත නිදහස් කර තිබෙනවා.

එසේ නිදහස් කළ සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණා.

රැකියා වීසා මත මෙරට රැඳී සිටි 35 හැවිරිදි අදාළ ප්‍රංශ ජාතික කාන්තාව සිද්ධිය වූ දින කොල්ලුපිටිය ප්‍රදේශයේදී කුලී ගමනක් සඳහා කුලී ගමන් සේවා සපයන ආයතනයකට ලබාදුන් පණිවිඩයට අනුව පැමිණි ත්‍රිරෝද රථයේ රියැදුරුට ගමනාන්තය සඳහන් කර බැංකු කාඩ්පතක් මගින් මුදල් ගෙවිය හැකි බව පවසා තිබෙනවා.

මෙහිදී එය ප්‍රතිෂේප කර තිබෙන රියදුරු ගමන් ගාස්තුව වෙනුවට අයථා ක්‍රියාවලියකට ඇයට ආරාධනා කර තිබෙනවා.

මෙහිදී එම රියැදුරුට බැණවැදී එලවා දැමු ඇය අදාළ සිද්ධිය ඉන් දින දෙකකට පසු එනම් ජනවාරි 04 දා ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම කාර්යාංශය අකුරණ පදිංචිකරුවකු වන 28 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන එදිනම අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකා මහත්මියගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක චතුරංග ඇතළු නිලධාරින් පිරිසක් විසින් පරීක්‍ෂණ කටයුතු සිදු කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: