hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 මැයි 11, පෙ.ව. 12:22



සිසුවියන් 16 දෙනකුට කළුතර උපකාරක පංතිවල ගුරුවරයකු විසින් ලිංගික අතවර කළ කර ඇති බව පැමිණිලි කීපයක් අද සවස වන විට කළුතර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන දෙකකට ලැබී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඒ, අනුව අදාල උපකාරක පංති ගුරුවරයා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පාසල් සිසුවියන්ට පංතිකාමරයේ දී ලිංගික අතවර කර ගුරුවරයා, දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කර ඇති බවත් , ඒ අතරතුර සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගත කර තිබියදී පොලිසිය සොයාගෙන ඇති බවත් වාර්තා වෙනවා.

දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පංති පැවැත්වීමට ලින්ක් යවා මව්පියන් නොමැති අවස්ථාවලදී ඔවුන්ට ඇදුම් ගලවන ලෙස උපදෙස්දී එම දර්ශන පටිගත කර ඇති බවද සඳහන්.

එමෙන්ම සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් යන්ත්‍රයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට හසුවී ඇය එම දැරියන්ගේ මව්පියන් දැනුවත් කිරීමෙන් පසු පැමිණිලි කිරීම ආරම්භ වූ බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

එම දැරියන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිළධාරීයෙකගේ දියණියක් සිටින බවද සඳහන්.

මේ අනුව මෙම සිදුවීම් වලට අදාල ගණිත ගුරුවරයා සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර ඔහු මේ වන විටත් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: