hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 11, පෙ.ව. 8:58



දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ සහ ඔහුගේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බිරිඳ සංගීතා විවාහ වී වසර 23කට ආසන්නයි.

විවිධ වාර්තාවලට අනුව විජය සහ සංගීතා දික්කසාද වීමට යන බව පැවසෙන අතර, චිත්‍රපට නිෂ්පාදක ඇට්ලිගේ බිරිඳගේ ළදරු ෂෝවර් උත්සවයට සංගීතා නොපැමිණීමත් සමඟ කටකතා සනාත කිරීමට බොහෝ දෙනා මේ වන විට පෙළඹී තිබෙනවා.

මෑතකදී, තලපති විජේ ඔහුගේ බොහෝ අපේක්ෂිත වරිසු චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කළ අතර, එළිදැක්වීමේ උත්සවයට ද සංගීතා පැමිණ නැහැ.

සාමාන්‍යයෙන් ඔහුගේ චිත්‍රපට එළිදැක්වීමේ උත්සවයන්ට සංගීතා මින් පෙර අනිවාර්යෙන්ම සහභාගී වූවත්, මේ නොපැමිණීම බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා.

විජේයි තවමත් කටකතා සනාථ කර හෝ ප්‍රතික්ෂේප කර නොමැති අතර, පවුලේ ආරංචි මාර්ග වලට අනුවනම් මේ කටකතා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි පැවසෙන්නෙ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: