hit counter

2026 අගෝස්‍තු මස 11 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 12, පෙ.ව. 12:11



තරින්දි ප්‍රනාන්දු කියන්නේ ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ ඉන්න අතිශය දක්ෂ වගේම රූමත් චරිතාංග රංගන ශිල්පිනියක්. 

ඕනෑම චරිතයකට අපූරුවට අනුගත වෙන්න තියෙන හැකියාව වගේම, ඇය සතු ආකර්ෂණීය රූසපුව නිසාම ප්‍රේක්ෂකයින් අතර ඇයට හිමිවෙන්නේ සුවිශේෂී ආදරයක්. නිතරම සමාජ මාධ්‍ය හරහා තම රසිකයින් සමඟ සම්බන්ධ වෙන තරින්දි, පහුගිය දවසක පළ කරපු අලුත්ම ඡායාරූප පෙළක් ගැන මේ වෙද්දි අන්තර්ජාලය පුරාම ලොකු කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.

පහුගිය දවසක ඇය “ආදරණීය තරුවක්” චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා සහභාගි වී තිබුණා. මේ සුවිශේෂී අවස්ථාවට සහභාගි වෙන්න ඇය තෝරාගෙන තිබුණේ ඇගේ ලස්සන තවත් කැපී පෙනෙන විදිහේ ඉතාමත් ආකර්ෂණීය, සරාගී රතු පැහැති ඇඳුමක්. මේ රතු පාට ඇඳුමෙන් සැරසිලා ඉන්න ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් ඇය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණේ රසිකයින්ගේ ඇස්වහගන්න බැරි තරම් අපූරුවටයි.

මේ ඡායාරූපවලට අමතරව චිත්‍රපටය සහ ආදරය ගැන ඇය හරිම සංවේදී සටහනකුත් ඒ එක්කම පළකරලා තිබුණා.

“සිනමාව, හැඟීම් සහ ආදරය ගැන ලස්සන සිතුවිලිවලින් පිරුණු හැන්දෑවක්… ආදරණීය තරුවක් මංගල දර්ශනයට සහභාගි වුණාම මට හිතුණා ආදරය කියන දේ කොයිතරම් විවිධ කෝණවලින් දකින්න පුළුවන්ද කියලා…” යනුවෙන් ඇය එහි සඳහන් කර තිබුණා.

එමෙන්ම ආදරය ගැන ඇයට අසන්නට ලැබුණු අපූරු කියමනක් ගැනත් තරින්දි මේ විදිහට මතක් කරලා තිබුණා.

“ආදරණීය සිරිල්ගෙන් මට අහන්න ලැබුණු මේ ලස්සන වචන ටික තාමත් මගේ හිතේ තියෙනවා.. පරිත්‍යාගය තුළින් අපි ආදරයේ ගැඹුර සැබැවින්ම අත්විඳිනවා.”

අවසාන වශයෙන්, “ආදරණීය තරුවක්” චිත්‍රපට කණ්ඩායමට උණුසුම් සුබපැතුම් එක්කරන්නත් ඇය අමතක කරලා තිබුණේ නැහැ. ඔවුන්ගේ මේ නිර්මාණය ප්‍රේක්ෂක හදවත්වලට සමීප වී, හැඟීම් අවදි කරමින් සදාකාලික මතකයක් ඉතිරි කරාවි යැයි ඇය ප්‍රාර්ථනා කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: