hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 05, පෙ.ව. 6:49



මෙරට අප්‍රකට ධනවතුන් මෙන්ම කළු සල්ලි ජාවාරම්කරුවන්ව අන්දවා දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලිට එරෙහිව ලැබී ඇති පැමිණිලි ගණන ඉහලට.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් මෙතෙක් හෙළිවී ඇති ආකාරයට තිලිණිගේ ගැටයට හසුවී කෝටි ගාණක මුදල් අහිමි කරගත් සිය ගණනක් සිටියත් ඒ කිසිවකුත් ප්‍රියමාලිට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් වන්නේ නැති තරම්.

ඒ අය අතර නළු නිළියන්ද දේශපාලනඥයන්ද නැත්තේම නැහැ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප්‍රියමාලිට එරෙහිව වචනයක්වත් කියන්නට ඔවුන් ඉදිරිපත් වී නැත්තේ ඇතැම් විට ඒ අය ප්‍රියමාලිගේ ව්‍යාපාරවල ආයෝජනය කරන්නට යැයි කියා ලබාදී අහිමි කරගත් ඒ මුදල් තමන් උපයාගත් ආකාරය ගැන කියන්නට ඇති බැරිකම නිසා වන්නට ද පුළුවන්.

ප්‍රියමාලි වැඩේ දුන්නේ එවන් අය ඉලක්ක කරගෙනයි.

එම නාටකය තිරගතවීම ආරම්භ වූ දා සිට එහි ඉදිරිපත්වන ජවනිකා ද හරි අමුතුයි.

එමෙන්ම විවිධ පුද්ගලයන්ට, භික්‍ෂූන්වහන්සේට මඩ ගැසීමට, රජයේ මගඩි වසා ගැනීමට තිළිණි ප්‍රියමාලි නාටකය නොයෙක් අයුරින් පාවිච්චි කෙරෙන බව ද සැබෑයි.

තිලිණි සහ ඉසුරු බණ්ඩාර අතර ඇති හුටපටය ගැන මේ වෙනකොට ගොඩක් දෙනෙක් දන්නවා.

දෙන්න එකට ගහපු ගේම් වලින් තිලිණි කූරු ගණිනකොට ඉසුරු එළියට ආවේ දැඩි ඇප කොන්දේසි මැද.

හැබැයි මේ වෙනකන් තිළිණිගේ පලවෙනි කසාදෙ ගැන කිසිම තොරතුරක් නම් එළියට ආවේ නැහැ.

හැබැයි දැන් එන තොරතුරු වලට අනුව නම් තිළිණිගේ පලවෙනි කසාදෙන් ඇයට දරුවෙක් පවා ඉන්නවා.

පළමු ස්වාමියා තිලිණි එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ.

හැබැයි තිලිණි ඒ දරුවා එක්ක ගෙදරින් ගිහින් තියෙන්නේ.

තිළිණිගේ පළමු කසාදේ ස්වාමියාගේ මව මෙසේ අදහස් දක්වමින් සඳහන් කළා,

“තිළිණියි, දරුවයි නිදාගත්ත කාමරය. අපි බොහොම අගහිඟකම් මැද තමයි ජීවත් වුණේ. දුප්පත්කමෙන් ගොඩඑන්න තමයි මම ලෙබනන් රටේ ගෘහ සේවයට ගියේ. මම ලෙබනන්වල ඉන්නකොට තමයි අපේ පුතා ඔය කෙල්ල එක්ක යාළු වෙලා කසාද බැඳගෙන තියෙන්නෙ. මම හිටියා නම් ඕක කරන්න දෙන්නෙ නෑ. අහළ, පහළ ගෙදරක අය තමයි රෙජිස්ටාර් කෙනෙක්ව ගෙදරට ගෙනත් කසාද බන්දලා තිබුණේ. එතකොට දෙන්නම කසාද බඳින වයසෙ නෙමෙයි හිටියේ. මගෙ මතෙක හැටියට පුතලා කසාද බැන්දෙ 1990 ගණන්වල. කසාද බැඳලා ටික කාලයක් ඉන්නකොට තිළිණිවත් මම ලෙබනන් රටට ගත්තා. මම වැඩ කරපු ගෙදර මැඩම්ට කියලා තමයි තිළිණිට වීසා හදා ගත්තෙ. ඊට ටික කාලයකට පස්සෙ සමන් පුතත් ලෙබනන් රටට ආවා. පුතාව ගත්තෙ අපේ මහත්තයාගේ ඥාතියෙක්. එතකොට මහත්තයගේ ඥාති කිහිපදෙනෙක්ම ලෙබනන් රටේ ජොබ් කළා. පුතාට හරි හැටි රස්සාවක් ලැබුණේ නෑ. දැන්වීම් පුවරු සකස් කරන පොඩි කොම්පැණියක තමයි පුතා වැඩ කළේ. තිළිණිට රස්සාවක් තිබුණෙත් නෑ. ඒත් දෙන්නට නතර වෙන්න අරගෙන තිබුණ කාමරය හරි විශාලයි. ගොඩක් ඉඩ පහසුකම් තියෙන නිසා මම කල්පනා කරලා ‘ළමයි බලා ගන්න ඩේ කෙයාර් එකක් පටන් ගන්න’ කියලා තිළිණිට කිව්වා…”

“එතකොට ලංකාවේ පවුල් විශාල සංඛ්‍යාවක් ලෙබනන් රටේ ජීවත් වුණා. ගැහැනු, මිනිස්සු රස්සාවට ගියාම දරුවො බලාගන්න කවුරුවත් නෑ. ඒ අයගේ දරුවො ආරක්‍ෂා කරදෙන්න ලංකාවේ කෙනෙක් ඩේ කෙයාර් එකක් පටන්ගත්තොත් විශාල ආදායමක් ලැබෙන බව මට තේරුණා. ඒ දේ සඵල වුණා. තිළිණි වැඩේ පටන් ගත්ත දවසෙ ඉඳලා දවසින්, දවස අලුත් ළමයි එකතු වුණා. හොඳ ආදායමකුත් ලැබුණා. ඒ රටේ ඉන්නකොට පුතයි, තිළිණියි හොඳ පවුල් ජීවිතයකුත් ගත කළා. ඒත් ඒ ජොබ් එක දිගටම කරගෙන ගියේ නෑ. ටික කාලයක් ඉඳලා සල්ලි ටිකක් හම්බ කරගෙන තිලිණි ලංකාවට ඇවිත් දරුවත් හදාගෙන මේ ගෙදර ජීවත් වුණා. පුතා ලෙබනන්වල රස්සාව කරගෙන හිටියා. දෙන්න රටවල් දෙකක ජීවත් වෙනකොට තිලිණි නොමඟ ගියා. දරු පැටියට අම්මෙක්, තාත්තෙක් ඕන නිසා හදාගන්න තිළිණිට, මම හොඳ, නරක කියා දුන්නා. පුතා බැනලා හදන්න හැදුවා. ඒත් අපි කියන කිසිම දෙයක් තිළිණි කණකට ගත්තෙ නෑ. නොහොබිනා ගමන ගියා. පුතා ලංකාවේ ඉන්න සමහර දවස්වලටත් තිළිණි ගෙදර නෑ. පස්සෙ පුතා ලංකාවට එන්නෙ නැතිව ගියා. තිළිණියි, දරුවයි ටික කාලයක් මේ ගෙදර ජීවත් වෙලා හිටි හැටියේ සේරම අකුලගෙන යන්න ගියා. ඒ ගියා ගියාමයි අදටවත් දකින්න ආවේ නෑ…”

“තිළිණි ගෙදරින් ගිය දවසෙ ඉඳලා අපේ දරු පැටියා බලන්න බැරි වුණා. ෆෝන් එකකින්වත් වචනයක් කතා කරන්න ලැබුණේ නෑ. මුණුපුරා එක්ක සම්බන්ධතා පවත්වන්න තිළිණි අපිට ඉඩ දෙන්නෙ නෑ. අපිට ආරංචි විදිහට පුතා දැන් ලොකුයි. තිළිණිගේ ඔෆිස් එකෙ වැඩ කරපු බව තමයි ආරංචිය. තිළිණිටත් ඉන්න එකම පිරිමි දරුවා. දෙවැනි කසාදයෙන් දුවලා දෙන්නෙක් කියලා තමයි ආරංචියි. අපේ පුතාට දැන් හොඳ සහාකාරියක් ඉන්නවා. ලෙබනන් රටේ එජන්සියක් කරගෙන යන කෙනෙක්. ඒ දුව, පුතාට විතරක් නෙමෙයි අපිටත් හොඳට සලකනවා. කෑමට, බීමට බෙහෙත් හෙත්වලට සල්ලි එවන්නෙත් දුව. ඒ එවන සල්ලි කෑම, බීම බෙහෙත්වලට වියදම් වුණාට පස්සෙ මේ ගේ කෑල්ල හදාගන්න මදි. ලොකු පුතත් ලෙඩා. රස්සාවක් කරන්න බෑ. පුළුවන් විදිහට අපි මේ ගෙදර ජීවත් වෙනවා. පොඩි පුතයි, දුවයි ලෙබනන් රටේ හොඳ ජීවිතයක් ගත කරනවා. ඒත් තවම දරුවො නෑ. සමන් පුතාගේ පණත් ලොකු දරුවා තමයි. සමන් පුතා එක්ක මුණුපුරා කතා කරනවද නැද්ද යන්න අපි දන්නෙ නෑ. ඒවා ගැන පොඩි පුතා මා එක්ක කතා කරන්නෙත් නෑ…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: