hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 21, ප.ව. 4:46



බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ.

ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.

ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්.

ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් නිරූපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා.

ත්‍රිකලා නැවතත් ඇගේ නිරූපණ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක Fashion show එකක් පවත්වලා තිබුනා.

එහිදී එක්තරා විශේෂ කෙනෙක් ගැන එම පුද්ගලයාගේ ධෛර්ය ගැන ත්‍රිකලා හැමෝටම පැවසුවා.

“රිස්වාන් මගේ ළඟට එන්නේ නිරූපනය ඉගෙන ගන්න විතරක් නෙමෙයි එයාට එයාව හොයාගන්න. මට මතකයි පළවෙනි දවසේ සපත්තු දෙකක් දාගෙන ඩෙනිමක් ඇඳගෙන තරුණයෙක් එනවා. ඒත් මම එයාගේ ලොක් විශේෂත්වයක් දකිනවා. මම එයාගෙන් ඇහුව පුතේ ඇත්තටම ඔයාට වෙන්න ඕනේ කවුද කියලා. මේක අපි විවෘතව කතා කරන්න ඕනේ. රිස්වාන් වගේ තව හැංගිලා ඉන්න දරුවො ඉන්නවා නම් එන්න මගේ ළඟට. මම ඔයාට ඔයාව හොයලා දෙන්නම්. මම ඔයාව සමාජයෙන් කොන් වෙන්න දෙන්නේ න. මිනිස්සුන්ට හිනාවෙන්න දෙන්නේ න. මම ඔයාගේ නම බ්‍රෑන්ඩ් එකක් කරනවා. රිස්වාන් කියන්නේ මේ අද මම වෙච්ච ඒ පොරොන්දුව.

මම රිස්වාන්ට කිව්වා පුතේ ගලවන්න ඔය සපත්තු දෙක දාන්න හීල් එකක් කියලා. එයා ඇහුවා මිස් කොහොමද හීල් එකක් ගන්නේ කියලා. මම කිව්වා කඩේකට ගිහින් ගන්න හීල් එකක් නැත්තං මම මගේ එකක් දෙන්නම් ඔයාට කියලා. එයා පළවෙනිවතාවට හීල් එකක් දැම්මා. එයාට ඇවිදගන්න බැහැ. පංතියෙ ළමයි ජෝඩි ජෝඩු ඇවිද්දවනවා රිස්වාන් එක්ක ඇවිදින්න කවුරුත් නැහැ. මම ගියා. මම පංතිය ඉවර වෙනකං රිස්වාන් එක්ක Catwalk කළා. රිස්වාන් අද අඟල් ගාණක හීල් එකක් දාගෙන ලස්සන ගවුමක් ඇඳගෙන මේ වේදිකාවේ ඇවිද්දා. එයාට එයව මේ වේදිකාවේදී මුණගැහිලා තියෙනවා. මේ දරුවා කොළඹ ළමයෙක් නෙමෙයි. අක්කරෙයිපත්තුවේ ඉඳලා මගේ පක්තියට එන්නේ. එහෙ යන්න බස්වත් නැහැ. මෙයා පංතිය තියෙන කලින් දවසේ රෑ ඇවිත් කොටුවට ඇවිත් පුංචි කාමරයක් අරගෙන ටිකක් නිදාගෙන මොනාහරි කාලා මේකප් එක දාගෙන ෆ්‍රෙෂ් පිට එනවා කොලබ ළමයෙක් වගේ. අද ඉඳලා ඔයාට ලස්සන ගමනක් තියෙනවා. මම ඉන්නවා ඔයාට ඕනෙම දෙයකට. මෙතනින් එහාට ඔයා අඬන්න ඕනේ නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: