hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 24, ප.ව. 4:13



සංගීත ක්ෂේත්‍රයේ වැඩක් කළොත්, ටිකක් කතාබහට ලක්වෙන ආන්දෝලනාත්මක දෙයක් කරන කීපදෙනෙක් අතරින් ඉරාජ්ටත් හිමිවන්නේ මුල් තැනක්. 

මේ වෙනකන් ඉරාජ් කරපු ගීත ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳ ගත්තා.

ඒවා යූටියුබ් ට්‍රෙන්ඩින් පවා ඇවිත් තියෙනවා.

ඉරාජ් වීරරත්න තම නවතම ගීත වීඩියෝව එළි දක්වා තිබෙනවා.

“ආදර කෝච්චිය” ලෙසින් නම් කර ඇති එමගින් පසුගිය අරගලය කාලසීමාව ආශ්‍රිතව සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් රූපණය කර තිබෙනවා.

ඇතැම් ප‍්‍රදාන අරගල ක්‍රියාකාරිකයින්ගේ ගිණුම්වලට ලක්ෂ ගණන් මුදල් ලැබුණු ආකාරය මෙන්ම අරගල ප්‍රධානීන් විසින් අරගලය ආදායම් මාර්ගයක් බවට පත් කර ගත් ආකාරය පිළිබඳව ද වීඩියෝවේ කරුණු මතු කරනවා.

එමෙන්ම මෑතකදී ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයක් නිසා අත්හිටුවන ලද ‘රඟහල’ සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් ද අදහසක් එම නිර්මාණය තුළ දක්නට ලැබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: