hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 මාර්තු 29, පෙ.ව. 10:35



උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්.

හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.

ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.

ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.

උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.

පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.

ඇය තවමත් මේ ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.

රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම සම්මානයට ලක්වූයේ වොල්ගා කල්පනී (මාණික්කාවත) හා උමාලි තිලකරත්න (පීතෘ) දෙදෙනායි.

මොවුන් වේදිකාවේ සම්මාන ලබාගැනීමෙන් අනතුරුව අදහස් දැක්වීමේ කෙටි අවස්ථාවක් හිමි වුණා.

ඒ ගැන මේ වෙනකොට දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

බොහෝ දෙනෙක් ඇයව විවේචනය කරන අයුරුයි දැක ගැනීමට හැකි වුණේ.

ඒ කොහොම වුණත් උමාලි රයිගම් සම්මාන උළෙලේදී නෙගටිව් මාකටින් ගැන යූටියුබ් නාලිකාවකට අදහස් දක්වමින් මෙසේ සඳහන් කළා.

“කලාකරුවෙක් නම් පලවෙනි අභිප්‍රාය විය යුත්තේ කොහොමද සාර්ථකව කලා කටයුතු වල නියැලෙන්නේ කියන එකයි. ජනප්‍රියත්ව කියන්නේ අමතර සාධකයක් පමණයි. හැබැයි මේක ප්‍රැක්ටිස් එකක්. දොස්තර කෙනෙක් දොස්තර විභාගයක් කරලා මහන්සි වෙලා ඒ දේවල් ඉගෙන ගෙන , ඊට පස්සේ එකෙන් සේවයක් කරන්න පෙළඹෙනවා වගේ තමයි. ප්‍රැක්ටිස් කිරීම තමයි ප්‍රධානතම. ප්‍රැක්ටිස් කරනවා නම් ලැබෙයි. ප්‍රධානම දේ ආත්ම තෘප්තිය. නෙගටිව් කියන දේ නම් අපි වැඩි දියුණු කර ගන්න හදන්නේ මම දන්නෙ නෑ ඇත්තටම ඇයි කවුරුත් එහෙම කරන්නේ කියලා. අපි නෙගටිව් මිනිස්සු වෙන්න ඕනේ නැහැ. අපි සමාජයේ යහපත බලාපොරොත්තු වෙන සහ තමන්ගේ යහපත බලාපොරොත්තුවන කෙනෙක්ට විතරයි තව කෙනෙක්ගෙ යහපත බලාපොරොත්තු වෙන්න පුළුවන්. තමන්ට ආදරේ නැති මනුස්සයෙක් මම කියන්නේ ආත්මාර්ථකාමීත්වයෙන් නෙමෙයි.

නමුත් තමන් ගැන අවබෝධයක් සහිතව යහපත් මොනවද අයහපත් මොනවද කියලා ටිකෙන් ටික පරිණත වෙමින් ඉගෙන ගනිමින් දියුණු වෙන්න කැමැති කෙනෙක්. දියුණුව කියන්නේ ආත්ම අභිමානයෙන් යුතුව එකතු කරගන්න ආත්ම සංතෘප්තිය කියලා ගන්න කෙනෙක් කවදාවත් ඔය නැගිටිව් දේවල් වලට යන්නේ නැහැ. එහෙම කරනවා නම් කරන්නේ තමන් ගැන හරි හැඟීමක් නැති මිනිස්සු. ඒ අය ඊට වඩා තමන්ගේ ආධ්‍යාත්මයට ළඟා වෙලා බැලුව නම් හොඳයි මොකද කෙනෙක් අයහපත නම් වපුරන්නේ ඒ කෙනා සමාජයට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් නෙමෙයි. ඒ අය සමාජයේ ඉන්න ඕන පුද්ගලයොත් නෙවෙයි. සමහරවිට ඒගොල්ලොන්ට කල්‍යාණ මිත්‍ර ඇසුරක් නැතුව ඇති. ඒ කල්‍යාණ මිත්‍ර ඇසුර ඒ වගේ අනිසි ප්‍රචාරණ කරලා වාසි තකා ප්‍රචාරණය කරන කට්ටිය ඉන්නවනම් මම ඒ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා එයාට කල්‍යාණමිත්‍ර ඇසුර ලැබෙන්න කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: