2022 මැයි 18, ප.ව. 4:56
ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකාරාමය කේන්‍ද්‍ර කර ගනිමින් වෙසක් පොහොය නිමිති කරගෙන දාන ශීල භාවනා ආදී ප්‍රතිපත්ති පූජාවන් මෙන්ම පෙරහැර ඇතුළු දන්සැල් ආදී ආමිස පූජාවන්ද මහත් හරසරින් යුක්තව පොහෝ දිනයේදී පවත්වා තිබෙනවා.
වසර කිහිපයකින් වෙසක් පුන් පොහෝ දිනය නිමිති කර ගෙන ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදීමට නොහැකිව ඒ පිළිබඳ මානසික ආතතියෙන් සිටි බොහෝ ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදෙස්ගත ශ්‍රමිකයන්ද මෙවර වෙසක් මංගල්‍යය මහත් හරසරින් යුක්තව සැමරූ බව විදෙස් ආරංචි මාර්ග පැවසූ අතර ඊට සමගාමීව මෙවර ඉතාලියේ ශ්‍රී ලංකාරාමයේ පැවති වෙසක් මංගල්‍යය සදහා වසර තුනකින් පමණ පසුව දහස් සංඛ්‍යාත උවැසි උවැසියන් සහභාගී වී තිබෙනවා.
පාස්කු ප්‍රහාරයෙන් හා කොරෝනා ව්‍යවසනයෙන් අනතුරුව් වසර කිහිපයකට පසුව සියලු වීදි පුරාවට බෞද්ධ ධජ පතාක වලින් සරසදා මිලානෝ නුවර සියලුම දෙනාට සෙත් පතා සිදු කරන සෙත් පිරිත් දේශනාව සදහා ද මෙවර විශාල පිරිසක් සහභාගී වූ බව මිලානෝ ශ්‍රී ලංකාරාමාධිපති කොළඹ කලුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හොරණ ඔලබොඩුව රාජමහා විහාරාධිකාරී ඔලබොඩුවේ ධම්මික හිමියන් සදහන් කරනවා.
2026 ජනවාරි 14, පෙ.ව. 10:43
2026 ජනවාරි 14, පෙ.ව. 12:12
2026 ජනවාරි 14, පෙ.ව. 12:05
2026 ජනවාරි 13, පෙ.ව. 12:11
2026 ජනවාරි 13, පෙ.ව. 12:08