2024 ජූලි 28, පෙ.ව. 12:02
පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ වන මැණික් විජේවර්ධන තුවාල ලැබුවා.
ඒ අනුව රෝහල්ගත කළ ඇයව තවමත් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වෙනවා.
එමෙන්ම, මේ වන විට ඇය තරමක් දුරට යහපත් තත්ත්වයට පත්ව ඇති බව ද වාර්තා වෙනවා.
මීට පෙර ඇයව සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට පියවර ගත් බවට ද තොරතුරු වාර්තා වුණා.
අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටා තිබූ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ක්ලබ් වසන්ත ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය සිදු කර තිබුණා.
එහි දී ඔහු ඇතුළු තවත් අයෙක් මිය ගිය අතර ක්ලබ් වසන්තගේ බිරිඳ සහ ජනප්‍රිය ගායන ශිල්පිනි කේ.සුජීවා ඇතුළු සිව් දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.
ඒ අනුව ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබුවා.
කෙසේ වෙතත්, වාර්තා වන්නේ කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඇයට සැත්කම් තුනක් සිදු කළ බවයි.
2025 ජූලි 02, පෙ.ව. 12:09
2025 ජූලි 02, පෙ.ව. 12:05
2025 ජූලි 02, පෙ.ව. 12:04
2025 ජූලි 01, පෙ.ව. 12:07
2025 ජූලි 01, පෙ.ව. 12:03
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25