2024 අගෝස්‍තු 30, පෙ.ව. 12:04
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
එම 17 අතර කාන්තාවක්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ වෙඩික්කරුවන් දෙදෙනාද වන බව ඔහු පැවසීය.
මෙම වෙඩික්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් පසුගිය 23 වනදා අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙක් වෙඩික්කරු පානදුර පිංවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
තල්දූව මහතා තවදුරටත් පැවසුවේ වෙඩික්කරුවන් ට ප්‍රවාහන පහසුකම් සැපයු මෝටර් රථයේ රියැදුරාව ද ඊයේ පිංවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
අතුරුගිරිය නගරයේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට එක්වී සිටියදී ක්ලබ් වසන්ත ඉලක්ක කර වෙඩික්කරුවන් දෙදෙනෙක් එම වෙඩිතැබීම සිදුකළේය.
එහිදී ක්ලබ් වසන්ත සහ එහි සිටි නයන වාසුල නම් පුද්ගලයෙක් ද මියගියේය.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26