2025 මැයි 05, ප.ව. 3:32
නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අදාළ සිසුන් සිව්දෙනා ඊයේ (04) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද (05) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන් වන වසරේ ඉගෙනුම ලබන මහරගම, ඇඹිලිපිටිය, වාරියපොළ හා හබරාදුව යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිව්දෙනෙකු බව පොලිසිය සඳහන් කළේය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණේ අප්‍රෙල් 29 වෙනිදාය.
විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවය.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
24-06-26
24-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26