hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 18, ප.ව. 5:24


ඩයනාගේ පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කොට ඇති පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමුකරන ලෙස ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම ඉල්ලීම මෝසමක් මාර්ගයෙන් අධිකරණය ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ දැනුම් දුන්නේ තමන් සමගි ජන බලවේගය ෂක්ෂයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ගොනු කොට තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සම එස්.තුරේරාජා, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: