hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 20, ප.ව. 2:09


හරීන්ට ඇප

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව ඇප මත මුදාහැර තිබෙනවා.

බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව ඇප මුදා හැරීමට අධිකරණය නියම කළා.

හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගීන් අද (20) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ බදුල්ල නගරයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

හිටපු ඇමැතිවරයා ආධාරකරුවන් පිරිසක්  සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල පොලිසිය  මගින්  පෙළපාලිය විසුරුවා හරිනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: