2022 අගෝස්‍තු 22, ප.ව. 4:51
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන්ත ගුණතිලක යන අයට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනපතිගේ නියමයෙන් දින 90ක රැඳවුම් නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
පසුගිය 18 වැනි දා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා හැර සෙසු 15 දෙනා පසුගිය දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ව ඇප මත මුදා හැරුණා.
එක් අයෙකු ලබන 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යි අධිකරණය නියෝග කළේ.
වසන්ත මුදලිගේ ඇතුළු තුන් දෙනා පැය 72ක රැඳවුම් නියෝග යටතේ පළමුව රඳවා ගැනුණු අතර, ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතියට යටත් ව ඔවුන් දින 90ක් රඳවා තබා විමර්ශනය කෙරෙනු ඇති.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
28-04-26
28-04-26
27-04-26
27-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
19-04-26
19-04-26
11-04-26
11-04-26
08-04-26
08-04-26
06-04-26
06-04-26