hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 04, ප.ව. 12:07


ඇහැළියගොඩට නායයෑම් රතු නිවේදන

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, නිල්වලා, ගිං, කළු ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ මට්ටමක පවතින බවයි.

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට මිලිමීටර 50 ක පමණ වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.    





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: