hit counter

2026 ඔක්‍තෝබර් මස 31 වන සෙනසුරාදා

2026 නොවැම්‍බර් 01, පෙ.ව. 12:00



බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල අද (01) පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ ඒ බව සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම  දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව අකුණු අනතුරු වළක්වා ගැනීමට – ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී විවෘත ස්ථානවල (ක්‍රීඩා පිටි, කුඹුරු, විවෘත වාහන ආදිය) ගැවසීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න, උස් ගස් යට හෝ විදුලි රැහැන් අසල රැඳී සිටීමෙන් වළකින්න, නිවෙස් තුළ සිටින විට විදුලි උපකරණ ප්‍රධාන මූලාශ්‍රවලින් විසන්ධි කර තබන්න.

තද සුළං අනතුරු වළක්වා ගැනීමට – ගස් යට හෝ අබලන් ගොඩනැගිලි අසල වාහන නැවැත්වීමෙන් සහ ගැවසීමෙන් වළකින්න, නිවෙස්වල වහලවලට හෝ වටපිටාවට උස්වී ඇති අබලන් අතු කපා ඉවත් කරන්න. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: